Posts

How Large is The Seat of the Buddhas බුද්ධගයාවේ වජ්‍රාසනයේ විශේෂත්වය

Image
  බුද්ධගයාවේ වජ් ‍ රාසනයේ විශේෂත්වය ලෝකය පහළවෙන , මේ ලෝකය හැදෙන ගමනේ දී මුලින් ම පස් පිඬක් පහළ වන්නේ මේ වජ් ‍ රාසනය පහළ වෙන තැනයි . හේතුව කුමක් ද ? මේ මහා පොළොවෙ කිසිම තැනකට බුදු කෙනෙකුගේ බුද්ධ ශක්තිය , බුද්ධ බලය , බුද්ධ ඍද්ධිය , බුද්ධ ධර්මය දරාගන්ට පුළුවන්කමක් නෑ . එය දරාගන්ට පුළුවන් වන්නේ බුද්ධගයා ශුද්ධභූමියේ පිහිටි වජ් ‍ රාසනය ළඟ පමණයි . ඒ නිසා සෑම බුදු රජාණන් වහන්සේ නමක් ම මේ ලෝකයේ බුදු වන්නේ දඹදිව බුද්ධගයා ශුද්ධ භූමියේ වජ් ‍ රාසනය පිහිටන ස්ථානයේ කියන එක දේශනාවේ සඳහන් වෙනවා . ඉතින් මේ වජ් ‍ රාසනයේ වැඩ හිඳගෙන තමන් වහන්සේ දැන් චතුරංගසමන්වාගත වීර්යයත් සමඟ භවනා කරනවා . ඒ සමඟම මාර දිව් ‍ ය පුත් ‍ රයා මාර පිරිවර සමඟම පැමිණ බෝසතාණන් වහන්සේට නොයෙක් වධහිංසා කරනවා . අඟුරු වර්ෂාවන් , ඊතල වර්ෂාවන් , ආයුධ වර්ෂාවන් නොයෙක් නොයෙක් වර්ෂාවන් පවත්වමින් . බෝසතාණන් වහන්සේ ආසනයෙන් පලවා හරින්නටයි . දැන් මහන්සි ගන්නේ . ඒ වෙලාවේ මාර දිව් ‍ ය පුත් ‍ රයා ඇතුළු පිරිවර සම්පත්තිය කියන්නේ , එතුමා