Posts

Image
  දුටුගැමුණු මහ රජතුමා මහා සෑයේ ධාතු ගර්භය අලංකාර කරවූ හැටි මහා සෑ රදුන්ගේ් තුන් මහල් පේසා වළලු දක්වා ගඩොල් බැඳ අවසන් වෙද්දී ම සෘද්ධිමත් මහ රහතන් වහන්‍සේලා ඒ සියල්ල පොළොව මට්ටමට ගිලෙන්නට සැලැස්සූහ. මේ ආකාරයට බඳීන බඳීන පේසාවළලු මෙන් ම ප්‍රධාන පුෂ්පාසන තුන ද පොළොව මට්ටමට ම වාර නවයක් ගිල්ලවන ලදහ. එවිට උන්වහන්‍සේලා වෙත පැමිණි මහ රජතුමා පසඟ පිහිටුවා වන්දනාකොට ‘ස්වාමීනි , පුෂ්පාසනයෝ පොළොවේ ගිලෙන්නාහු ය. තනවන ලද සියලු පාදමයෝ පොළොවේ ගිලෙන්නාහු ය. මෙයට හේතුව කවරේදැ’යි විමසන ලද්දේ ය.  පින්වත් මහරජතුමනි , තථාගත බුදුරජාණන් වහන්සේගේ ධාතූන් පිහිටුවන මහා සෑය අනාගතයේ දී නොගිලෙනු පිණිස සෘද්ධිමත් මහ රහතන් වහන්සේලා විසින් මෙලෙස ගිල්ලවීම සිදු කරන ලද්දේ ය. ඒ පිළිබඳව මින් ඉදිරිය සැක සංකා නූ උපදවා මහා සෑයේ ඉදිරි කටයුතු කරනු මැනවැයි වදාළ සේක. එය අසා චිත්ත ප්‍රසාදයට පත් වූ දුටුගැමුණු මහ රජතුමා මහා සෑයේ ඉදිරි කටයුතු ආරම්භ කරන්නේ ය. දස වතාවක් පේසා වළලු කරවන්නට දස කෝටියක ගඩොල් වැය වූයේ ය. එකල්හි භික්ෂූන් වහන්සේ උත්තර සුමන නම් සෘද්ධිමත් සාමණේරයන් වහන්සේලා දෙනම කැඳවන ලද්දේ ය. “සාමණේරයෙනි , මහා සෑයේ ධාතු ගර්භය ප
Image
  සඤ්ජීව නරකය , කාල සූත්‍ර‍ නරකය , සංඝාත නරකය , රෞරව නරකය , මහා රෞරව නරකය , තාප නරකය , ප්‍ර‍තාප නරකය , අවීචි මහා නරකය යි මහා නරක අටකි. ඒවා සතරැස් ය. එක් මහා නරකයක එක් පසකින් සතර බැගින් ඔසුපත් නරක නම් වූ කුඩා නරකයෝ ද වෙති. එක් මහා නරකයක් හාත්පස ඇති කුඩා නරක සොළොසෙකි. 01)  සඤ්ජීව නරකය යමපලුන් විසින් එහි උපන් සත්ත්වයන් ගිනියම් වූ පොළොවෙහි පෙරළා කඩ කඩ කොට කපද්දීත් ඒ සත්ත්වයන් නැවත නැවත ජීවත් වන බැවින් ඒ නරකය සඤ්ජීව නම් වේ. අධික ක්‍රෝධයෙන් හා මානයෙන් අනුන් හා කෝලාහල කළෝ ද , දුබලයන් පෙලූ රජවරු හා නිලධාරීහු ද , දිළින්දන් පෙලූ පොහොසතුන් හා මැරයෝ ද , සතුන් මරන්නෝ ද සඤ්ජීවයෙහි උපදිති. 02)  කාලසූත්‍ර‍ නරකය උපන් සත්ත්වයන් ගිනියම් වූ යපොළොවේ පෙරළා දැලි නූල් ගසා සසින්නා වූ ස්ථානය කාලසූත්‍ර‍ නරකය ය. මාපියන්ට හා මිතුරන්ට ද ගුණවත් මහණ බමුණන්ට ද අපරාධ කළාහු එහි පැසෙති. 03)  සඞ්ඝාත නරකය මේ නරකයෙහි සත්ත්වයෝ නවයොදුන් ඝන යපොළොවෙහි එරී නිශ්චල ව සිටිති. එහි අහස ගුගුරන්නාක් මෙන් මහ හඬ නංවමින්් එරී සිටින නිරිසතුන් අඹරමින් පර්වතයෝ ඔබ මොබ පෙරළෙති. ඒවාට යටවී සත්ත්වයෝ සුණු විසුණු වෙති. ඇත් අස් ගවාදී සතු

සත්තිස් බෝධිපාක්ෂික ධර්ම - Meritorious Actions to be completed to be a Buddha

Image
  සත්තිස් බෝධිපාක්ෂික ධර්ම පඤ්ඤින්ද් ‍ රිය,    සද්ධින්ද් ‍ රිය තථාගත ලොවිතුරා සමිමා සමිබුදු රජාණන් වහන්සේ නමක් ලොව පහලවීම මහා දුර්ලභ කාරනයක් වන්නේය . එවැනි සමිමා සමිබුදු රජාණන් වහන්සේ නමක් ලොව පහලවන්නේ දීර්ඝ කාලයකට පසුවය . සමහර කාලවල කල්ප යක් වැනි අතිදීර්ඝ කාලයකදීවත් බුදුරජාණන් වහන්සේ නමක් ලොව පහලවන්නේ නැත එසේ ලෝකයේ පහලවන තථාගතයන් වහන් සේ උතුම් චතුරාර්ය සත් ‍ ය ය අවබෝධ කරගෙන අන් අයටද චතුරාර්ය සත් ‍ ය ය ධර්මය අවබෝධ කරවමින් සත්වයා සසර මහා දුක්ඛ යෙන් මුදවන සේක . ඒ භාග් ‍ යවත් අරහත් තථාගත සමිමා සමිබුදු රජාණන් වහන්සේගේ මහා කරුණාව මහා ආශ්චර්යය . කෝටියක් මවිවරුන්ගේ කෝටියක් පියවරුන්ගේ කරුණාගුණය එක පිඩක් කලද ඒ මහා කාරුණිකයන් වහන්සේගේ කරුණා ගුණයට සමාන කල නොහැක . සංසාරයේ මහා දුක්ඛස්ඛන්ධය දැක දැන හැඳින එක මොහොතකුදු රැඳි නොසිටිය යූතු මෙ සසර අති දීර්ඝ කාලයක් ගමන් කරමින් සමතිසක් පාරමිතා ධර්මයන් සමිපූර්න කොට සමිමා සමිබෝධිය අවබෝධ කරගන්නේ තවත් සසර අතරමංව දුක්විඳින සත්වයා සසර