දළදා මාලිගාවේ පත්තිරිප්පුව හැදුනේ මෙහෙමයි.This is how the Patthirippuwa of the Temple of the Tooth in Sri lanka wasformed was formed.इस प्रकार श्रीलंका में दंत मंदिर के पाथिरिप्पुवा का निर्माण हुआ।
ඔබ කවුරුත් දකින දළදා මාලිගාවේ පත්තිරිප්පුව හැදුනේ මෙහෙමයි..
This is how the Patthirippuwa of the Temple of the Tooth in Sri lanka wasformed was formed.
අද කියන්න යන්නේ ශ්‍රී දළදා මාලිගාවේ ඉතා දර්ශනීය නිර්මාණයක් ගැනයි. මාලිගාව හදුන්වන් සංකේතය හැටියට යොදාගන්නෙත් මේ ඓතිහාසික නිර්මාණයයි. ඒ තමයි පත්තිරිප්පුව .ඓතිහාසික සෙංකඩගලපුර ශ්‍රී දළදා මාලිගයේ ‘පත්තිරිප්පුව’ නිර්මාණයකර තිබෙන්නේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාගේ සමයේදි. රජතුමා පත්තිරිප්පුව හදවන්න කලින් ඒ සදහා සැලසුම් හා ආකෘති කැදවලා තිබුණා. ඒ සදහා බොහෝ ශිල්පින් සැලසුම් ඉදිරිපත්කර තිබූ බව සඳහන්.මේ අනුව එක් ශිල්පියෙක් ඉදිරිපත් කරපු සැලැස්ම කෙරෙහි තරුණ රජතුමාගේ අවධානය යොමුවුණා. ඒ සැලැස්ම ඉදිරිපත් කළේ ‘දේවේන්ද්‍ර මූලාචාරි’ විසින්. පස්සේ රජතුමා මේ සැලැස්මට අනුව කෙසෙල් කඳන් හා පතුරුවලින් තැනූ පත්තිරිප්පු ආකෘතියක්ද සකස් කරවාගෙන ඒක නිරීක්ෂණයකොට තිබෙනවා .ඒ ගැන පැහැදුණු රජතුමා ඊට අනුමැතිය දුන්නා. පත්තිරිප්පුව ඉදිවුනේ ඒ අනුවයි.
ඓතිහාසික ශ්‍රී දළදා මාලිගා පිවිසුමේදී මුලින්ම ඔබේ නෙත ගැටෙන මේ නිර්මාණශීලි පත්තිරිප්පුව සාදා නිමකර ඇත්තේ 1812දි. ඒ කියන්නේ අපේ රාජ්‍ය ඉංග්‍රීසීන් යටත් කරගන්න වසර තුනකට කලින්. රජතුමා මේ වගේ ගොඩනැගිල්ලක් ඉදිකළේ දළදා මාලිගාවේ කොටසක් හැටියට නොවේ. එය ඉදිකළේ මහ රජතුමාට වැසියන් ඉදිරියේ පෙනීසිටීම සඳහා ය. යුක්තිය පසිඳලීම සඳහා ද රජතුමා මෙතැනට පැමිණෙනවා. රජ මාලිගාව තියෙන්නෙත් ඒ අසලම නිසා රජතුමාට මෙතැනට එන්න පහසුයි. රජතුමාට මහජනයා ඉදිරියේ පෙනී සිටිමින් දළදා පෙරහැර නැරඹීමට, රජතුමාගේ විවේකාගාරය ලෙස, මහමළුවේ පවත්වන මල්ලව පොර හා කඩු සටන් ආදී තරඟ නැරඹීමට, මහමළුවේ එකතු වන ජනතාවට රජතුමාව බැහැ දැකීමට අවස්ථාව ලබා දීම ආදී නොයෙක් හේතු කාරණා මත පත්තිරිප්පුව නිර්මාණය වුණා.
රට වාසින්ට යම් හදිසි අවස්ථාවක් වුවහොත් යුක්තියේ ඝණ්ටාරයක් නාද කළාම එම ශබ්දය ඇසූ රජතුමා වහා ‘පත්තිරිප්පුවට’ පැමිණ හේතුකාරණා විමසා බලා යුක්තිය පසිඳ ලූ බවත් සදහන්.මේ පත්තිරිප්පුව ඉදිකිරිමේදි දෙහිගම දියවඩන නිලමේතුමන් ලොකු මැදිහත්වීමක් කර තිබෙනවා. එතුමාගේ අදහසක් අනුව තමයි පත්තිරිප්පුව ඉදිවන්නේ. දේවේන්‍ද්‍ර මූලාචාරී නම් ගෘහ නිර්මාණ ශිල්පියා මේ සදහා "නා" ලී ලබාගෙන තිබෙන්නේ මාතලෙන්.මෙය නිර්මාණය කළ දේවෙන්ද්‍ර මුලාචාරින් කීර්ති ශ්‍රී රාජසිංහ, රාජාධි රාජසිංහ හා ශ්‍රී වික්‍රම රාජසිංහ යන රජවරුන් යටතේ සේවය කළ අයෙක් බව සදහන් වෙනවා. ඔහු අති දක්ෂ නිර්මාණ ශිල්පියෙක්. ඔහු තමයි මඟුල් මඩුව හැදුවෙත්. තව නිර්මාණ රැසක් ඔහු කර තිබෙනවා. පත්තිරිප්පුව සඳහා නම ලැබී ඇත්තේ පාර්තු (බලනවා) + ඉරිප්පු (ඉඳගෙන) යන දමිල වදන් වලිනි.
කෙසේ වෙතත් ඉංග්‍රීසී සමයේ දී පත්තිරිප්පුව මහනුවර කච්චේරිය ලෙස භාවිත කොට තිබෙනවා. රොබට් බ්‍රවුන්රිග් ආණ්ඩුකාරවරයා විසින් මෙය කාර්යාලයක් ලෙස ද භාවිත කර තිබෙන බව සදහන්. පසුකාලිනව පත්තිරිප්පුව පුස්තකාලයක් ලෙසත් භාවිත වූණා.අද ලෝකප්‍රකට මගුල්මඩුව, පත්තිරිප්පුව ආදී සුවිසල් නිර්මාණ කළ මේ අසහාය නිර්මාණ ශිල්පියාට උපහාර දක්වන්න ඔිනේ නිසා එදා ශ්‍රී වික්‍රම රාජසිංහ රජු විසින් ශිල්පියෙකුට ලබා දිය හැකි උසස්ම ගෞරවය වන රජුගේ නළල් පටිය දේවේන්ද්‍ර මූලාචාරී හට ලබා දී තිබෙනවා. නමුත් ඔහුගේ අවසානය ශෝක ජනකයි. ඔහු සම්බන්ධ විස්තරයක් තවත් ලිපියක් ඉදිරියේ ඉදිරිපත් කරනවා.
ඔබ සැමට තෙරුවන් සරණයි ..!
इस प्रकार श्रीलंका में दंत मंदिर के पाथिरिप्पुवा का निर्माण हुआ।
How the Patthirippuwa of the Temple of the Tooth in Sri lanka wasformed was formed
The ‘Pattirippuwa’ of the historic Senkadagalapura Sri Dalada Maligawa was created during the reign of King Sri Wickrama Rajasinghe. Before the king built the Patttirippuwa, plans and models were invited for it. It is said that many artists had submitted designs for it. Accordingly, the young king’s attention was drawn to the plan presented by one artist. That plan was presented by ‘Devendra Mulachari’. Later, the king also had a Patttirippu model made of banana stems and leaves prepared according to this plan and observed it. The king, impressed by it, approved it. The Patttirippuwa was built accordingly.
This creative Patttirippuwa, which first catches your eye at the entrance of the historic Sri Dalada Maligawa, was completed in 1812. That is, three years before the British conquered our kingdom. The king did not build such a building as part of the Talada Maligawa. It was built for the King to appear before the people. The King also comes here to administer justice. Since the Royal Palace is located nearby, it is easy for the King to come here. The Patthirippuwa was built for various reasons, such as allowing the King to appear before the people and watch the Dalada Perahera, as a resting place for the King, to watch the wrestling and sword fights held in the Mahamaluwa, and to give the people who gather in the Mahamaluwa an opportunity to meet the King.
It is said that when the citizens of the country were in an emergency, when a bell of justice was rung, the King, upon hearing the sound, immediately came to the ‘Paththirippuwa’ and inquired into the cause and administered justice.
The Diyawadana Nilame of Dehigama has made a great contribution in the construction of this Patthirippuwa. It is according to his idea that the Patthirippuwa is being built. The architect Devendra Mulachari obtained the "Na" wood for this from Matale. It is said that Devendra Mulachari, who designed this, served under the kings Keerthi Sri Rajasinghe, Rajadhi Rajasinghe and Sri Wickrama Rajasinghe. He was a very talented architect. He was the one who built the wedding pavilion. He has done many other designs. The name for Patthirippuwa is derived from the Tamil words Parthu (looking) + Irippu (sitting).
However, during the British period, Patthirippuwa was used as the Kandy Kachcheriya. It is said that Governor Robert Brownrigg also used it as an office. Later, Patthirippuwa was also used as a library. In order to pay tribute to this incomparable architect who created the world-famous Magulmaduwa, Patthiripuwa, etc., King Sri Wickrama Rajasinghe bestowed the highest honor that can be bestowed on an architect, the King's Bandana, on Devendra Mulachari. But his end was a sad one. A description of him will be presented in another article.
Comments
Post a Comment