බුද්ධ පූජාවේ ලුණු ඇඹුල් බැලීම හොඳ ද? නරක ද?
බුද්ධ පූජාවේ ලුණු ඇඹුල් බැලීම හොඳ ද ? නරක ද ? බු දුන් වහන්සේට සමාන උතුමාණන් වහන්සේ නමක් මේ ලෝක ධාතුවේ ම නැත. ඒ නිසාම උන්වහන්සේ අසම සම නම් වන සේක. ඒ උතුමාණන් වහන්සේට භික්ෂු , භික්ෂුණී , උපාසක , උපාසිකා ආදී සිව් වණක් පිරිස විසින් මල් , පහන් , සුවඳ දුම් , කොඩි වැල් , ආහාර පාන , පලතුරු , ගිලන්පස , පැන් ආදිය පිරිනමා වැඳුම් පිඳුම් කරනු ලබති. බෝසතාණන් වහන්සේ දුෂ්කර කි‍්‍රයා කරන කාලයේ දෙව් බඹුන් ආදී පිරිස දිව්‍ය ඕජාවන්ගෙන් පවා බෝසත් සිරුර පෝෂණය කිරීමට සූදානම් වූහ.  බෝසතාණන් වහන්සේ වනගතව වාසය කරන කාලයේ වන සිවුපාවුන් පවා ආහාර පාන පූජා කළ අවස්ථා ද සම්බුදු සිරිතේ සඳහන්ව ඇත. දුප්පත් , පොහොසත් , ජාති , ආගම් , කුල මල භේද ආදී සීමාවන් නැති බුද්ධ පූජාව ජීවමාන බුදුන් වහන්සේගේ කාලයේ සිටම සිදු කරන ලදී. තථාගතයන් වහන්සේ බුද්ධත්වයට පත්වන දිනයේ දී වැළඳූ ප්‍රථම දානය වන සුජාතාවගේ කිරිපිඬු දානයත් , පිරිනිවන් පාන දිනයේදී වැළඳූ අවසන් දානය වන චුන්දසූකරගේ සූකරමද්දවයත් පිරිනැමූ පින්වතුන්ට සමාන ඵල සමානානිසංස ලැබෙන අතර එය සෙසු පිණ්ඩපාතයන්ට වඩා මහත්ඵල මහානිසංස වැඩි බවත් පරිනිර්වාණ සූත්‍රයෙහි වදාරා ඇත. බුදුන් වහන්...