Posts

විශ්වය වැඩිපුරම අපට දෙන මෙම දස සංඥා මොනවාද? What are these ten signs that the universe gives us the most? ये कौन से दस संकेत हैं जो ब्रह्मांड हमें सबसे ज़्यादा देता है?

Image
විශ්වය   වැඩිපුරම   අපට   දෙන   මෙම   දස   සංඥා   මොනවාද ? දෙන සිග්නල් ගැන කතා වෙති ... නොදෙන සිග්නල් ගැන කතා වෙති ... සිග්නල් යනු කුමක්ද ? ස o ඥාවයි ... මේ ලෝකයේ මිනිසුන් කිසිවෙකුත් නොදෙන ස o ඥා දුටුවද විශ්වය විසින් වැඩිපුරම නිරන්තරයෙන් දෙන සිග්නල් නොදකිති ... එසේ විශ්වය අපට වැඩිපුරම දෙන සිග්නල් දහයක් ගැන බුදු හිමියන් දේශනා කරති . ඒවා දස ස o ඥා ලෙස හැඳින්වේ ... විශ්වය වැඩිපුරම අපට දෙන මෙම දස සංඥා මොනවාද ?   අනිච්ච සංඥා   අනත්ත සංඥා   අසුභ   ආදීනව   පහාන   විරාග   නිරෝධ   සබ්බ ලෝකේ අනභීරත සංඥා   සබ්බ සංඛාරේසු අනිච්ච සංඥා                ආනාපානසති .. අනිච්ච සඥා .... අනිත් ‍ ය භාවයයි මේ අනිතය බවේ සඥා ව සැම තැනම දක්නට නොලැබේද ? අද හොදින් සිටි මිනිසා හෙට මිය යයි ... අද හොදින් සිටි සුරතලා හෙට මියයයි .. අද නිරෝගීව සිටි මිනිසා හෙට මාරාන්තික ලෙස රෝගී වේ .. අංග ...

මෙලොව පරලොව දෙකට යහපත පිණිස පවත්නා කරුණු Things that are beneficial for both this world and the next world ऐसी चीज़ें जो इस दुनिया और अगली दुनिया दोनों के लिए फ़ायदेमंद हैं

Image
මෙලොව   පරලොව   දෙකට   යහපත   පිණිස   පවත්නා   කරුණු කෝලිය රාජ පුත් ‍ ර ‍ යා මෙලොව පරලොව දෙකට යහපත පිණිස පවත්නා කරුණු බුදුන් වහන්සේගෙන් විමසා සිටියේ ය .  එවිට භාගය  වතුන් වහන්සේ , උට්ඨානසම්පදාය ආරක්ඛසම්පදාය කල්‍යාණමිත්තතාය සමජීවිකතාය යනුවෙන් මෙලොව යහපත පිණිස පවත්නා කරුණු සතරක් ඇති බව වදාළ සේක. උට්ඨාන සම්පදා යනු ගොවිකමින් හෝ වෙළඳාමෙන් හෝ ශිල්පයකින් හෝ ශාස්ත්‍ර‍යකින් හෝ රාජකාරියකින් හෝ ජීවත්වන තැනැත්තාගේ තමා කරන ඒ කටයුත්ත නුවණින් යුක්ත ව දක්ෂ ව අනලස ව කරන බව ය. ආරක්ඛ සම්පදා යනු දෙමාපියාදීන්ගෙන් අයිතිවීමෙන් හෝ තමාගේ වීර්යයෙන් උපයා ගැනීමෙන් හෝ තමාට අයත් වී තිබෙන වස්තුව රජුන් විසින් සොරුන් විසින් සතුරන් විසින් පැහැර නො ගන්නා පරිදි විනාශ නො කරන පරිදි ගින්නට දියට වේයන්ට මීයන්ට හසු වී විනාශ නොවන පරිදි ආරක්ෂා කරන බව ය. කල්‍යාණ මිත්තතා යනු ශ්‍ර‍ද්ධා, ශීල, ප්‍ර‍ඥාදි ගුණ ධර්මයන්ගෙන් යුත් සත්පුරුෂයන් ආශ්‍ර‍ය කරන බව ය. සමජීවිකතාය යනු ආදායමට වඩා වියදම් වැඩි කර නො ගෙන, ණය ගැති නො වී, පමණට වියදම් කොට දුක් නොවිඳ සමව ජීවිකාව කරන බව ය. සද්ධාසම්පදාය සී...

යමක මහා පෙළහර Yamaka Maha Parahara यमका महा पराहार

Image
    යමක   මහා   පෙළහර   Yamaka Maha Parahara යමක මහා පෙළහර ( යමක මහා   ප්‍රාතිහාරය  ) යනු බුදුරජාණන් වහන්සේ විසින් සජීවීව ප් ‍ රදර්ශනය කළ අසමසම ආශ්චර්යමත් සිදුවීමක් . ධර්ම ග් ‍ රන්ථවල සඳහන් වන පරිදි මෙය බුද්ධත්වයෙන් පසු සිදු කළ වඩාත්ම බලගතු ප් ‍ රාතිහාර්යය ලෙස සැලකෙනවා . යමක මහා පෙළහර යමක මහා පෙළහර සිදු වූයේ සැවැත් නුවර ගණ්ඩම්බ ( ගණ්ඩ ) අඹ ගසක් මුලදීයි . හේතුව සහ පසුබිම විරුද්ධ පාර්ශ්වය : බුදුරජාණන් වහන්සේගේ සමයේදී නිඝණ්ඨ නාථපුත්ත ප්‍රමුඛ වෙනත් ආගමික නායකයන් ( තීර්ථකයින් ) ප්‍රාතිහාර්යයන් කිරීමෙන් වැළකී සිටින ලෙසට ශ්‍රාවකයන්ට උපදෙස් දී සිටියා . පෙළහර සඳහා අභියෝගය : බුදුරජාණන් වහන්සේ ප්‍රාතිහාර්ය කිරීමෙන් වැළකී සිටිය යුතු බවට වූ නීතියක් අනුගමනය කළ නමුත් , උන්වහන්සේට එල්ල වූ අභියෝගය නිසාත් , තමන්ගේ ධර්මයේ සත්‍යතාව තහවුරු කිරීමටත් , යමක පෙළහර දැක්වීමට තීරණය කළා . සුදුසු ස්ථානය : බුදුරජාණන් වහන්සේ ප්‍රාතිහාර්යයක් පාන්නේ ගණ්ඩම්බ නම් අඹ ගසක් මුලදී බවට බුදුව...