Mind Settleing Stories- සිත නිවන කථා ( නිවනේ ස්වභාවය )

 සිත නිවන කථා 

( නිවනේ ස්වභාවය )  




ඔබගේ සියලු ක්‍රිකාරකම් වලට සිත ප්‍රධාන වේ .සිතෙහි ඇතිවන සිතිවිලිඔබගේ මනස ප්‍රධාන කොට ඇත්තේය 

මනෝ පුබ්බං ගමා ධම්මා

මනෝ සෙට්ඨා මනෝමායා - ධම්ම පදය 

 ඔබගේ සිතෙහි ඇතිවන රාග , ද්වේශ , මෝහ සියලු සිතිවිලි නිරතුරුවම  ගලායාම ඔබ විසින් භාවනාමය ක්‍රියාවන් තුලින් පාලනය කර  ඔබගේ  මනස බලවත් කර - එසේ සිතිවිලි ඇලිම් සහ ගැටීම වශයෙන් නවතා සිත භවයෙන්  භවයට ගමන් කිරීම හෙවත් චිත්ත ප්‍රතිසන්ධිය -

( නැවත උපත )  නතර කරලීමෙන් ඔබට අප විශ්වයේ හිස් අවකාශය තුල හෙවත් අවකාශ ලෝකය තුල මනසින් තැම්පත් විය හැකිය (මෙය නිර්වාන ධාතුව )  ලෙස දැක්වේ . එම නිර්වාන සංකයාතය අපගේ කෙලෙස් සහිත සිතට හෝ  අපගේ කෙලෙස් සහිත සිතට නිරීක්ශනය ( ගෝචර ) නොවේ .

මනස 

මනස අපට අතින් අල්ලා ගත හැකි හෝ අපගේ ඇසින් දැකිය හැකි පදාර්තමය අංගයක් නොවේ .එය කිසිසේත්ම අපගේ විශ්වය තුල අප සංකයාතයට හසු නොවේ .සුළඟ දැකිය නොහැකි වුවද , සුළඟ ඇති බව අප සිතට දැනේ . මනසද සිතට දැනෙන අංගයක් පමණි . එය අපගේ විශ්ව ශක්තියකි.


සසර සැරිසරන සත්වයා නිරතුරුවම රාග , ද්වේශ , මෝහ සිතිවිලි මගින් 
( ඇලීම් - ගැටීම් ) තුලින් මතු භාවය සංස්කරණය කරයි . එනම් සිතට නවාතැන් ගැනීමට ආත්මයක් හෙවත් පංච මහා භූතයන්ගෙන් යුත් සියුම් හෝ  ඝන ශරීරයක් සාදාගනී .

සිතට ශරීරයක් නැත . එසේම මනසට ද ශරීරයක් නැත . 
සිත තමන්ට රිසි සේ අවශ්‍ය විට අවශ්‍ය ඕනෑම තැනකට ගමන් කරයි .

දුරං ගමන් ඒක චරං - අසරීරන් ගුහාසියන්
යේ චිත්තං සංනච මෙස්සන්ති - මොක්කන්ති මාර භන්ධනං   - ධම්ම පදය  

කෙලෙස් මාරයන් විසින් ආත්මය නමැති ගුහාවේ බැඳ ඇති ශරීරය නොමැති සිත නිරතුරුවම ගමනේ යෙදෙයි .  

ඒ අනුව අපට පැහැදිලි වනුයේ සිතට හෝ මනසට ශරීරයක් නැති බවය  
එම නිසා සිතිවිලි වල නැවතීම හෙවත් කෙලෙස් නිවීම - නිර්වානය හෙවත්  සිතිවිලි මනස තුල නැවතීම වේ . 

නිබ්බන්ති ධීරා - යථායම් පදීපො - යම් සේ පහනක් තෙල් ඉවරවූ පසු තිරයක් ද අවසන් වී නිවී යන්නාසේ සිත නිවීම හෙවත් නිවනට සිත පැමිණේ .

බුදුරජාණන් වහන්සේ ජීවමානව සිටියදී නොදත් ලෝක සත්වයාට 
සංකාර ලෝකය , සත්ව ලෝකය මෙන්ම අවකාශ ලෝකය පිළිබඳව දේශනා කල බැවින් උන්වහන්සේ ලෝකවිදූ නම් වන සේක 
  
 
    
 






Comments

Popular posts from this blog

BIRTH OF A BUDDHA - A BLESSING TO THE UNIVERSE

Extracts form " Light of Asia " by Sir Edwin Arnold