Mind Settleing Stories- සිත නිවන කථා ( නිවනේ ස්වභාවය )

 සිත නිවන කථා 

( නිවනේ ස්වභාවය )  




ඔබගේ සියලු ක්‍රිකාරකම් වලට සිත ප්‍රධාන වේ .සිතෙහි ඇතිවන සිතිවිලිඔබගේ මනස ප්‍රධාන කොට ඇත්තේය 

මනෝ පුබ්බං ගමා ධම්මා

මනෝ සෙට්ඨා මනෝමායා - ධම්ම පදය 

 ඔබගේ සිතෙහි ඇතිවන රාග , ද්වේශ , මෝහ සියලු සිතිවිලි නිරතුරුවම  ගලායාම ඔබ විසින් භාවනාමය ක්‍රියාවන් තුලින් පාලනය කර  ඔබගේ  මනස බලවත් කර - එසේ සිතිවිලි ඇලිම් සහ ගැටීම වශයෙන් නවතා සිත භවයෙන්  භවයට ගමන් කිරීම හෙවත් චිත්ත ප්‍රතිසන්ධිය -

( නැවත උපත )  නතර කරලීමෙන් ඔබට අප විශ්වයේ හිස් අවකාශය තුල හෙවත් අවකාශ ලෝකය තුල මනසින් තැම්පත් විය හැකිය (මෙය නිර්වාන ධාතුව )  ලෙස දැක්වේ . එම නිර්වාන සංකයාතය අපගේ කෙලෙස් සහිත සිතට හෝ  අපගේ කෙලෙස් සහිත සිතට නිරීක්ශනය ( ගෝචර ) නොවේ .

මනස 

මනස අපට අතින් අල්ලා ගත හැකි හෝ අපගේ ඇසින් දැකිය හැකි පදාර්තමය අංගයක් නොවේ .එය කිසිසේත්ම අපගේ විශ්වය තුල අප සංකයාතයට හසු නොවේ .සුළඟ දැකිය නොහැකි වුවද , සුළඟ ඇති බව අප සිතට දැනේ . මනසද සිතට දැනෙන අංගයක් පමණි . එය අපගේ විශ්ව ශක්තියකි.


සසර සැරිසරන සත්වයා නිරතුරුවම රාග , ද්වේශ , මෝහ සිතිවිලි මගින් 
( ඇලීම් - ගැටීම් ) තුලින් මතු භාවය සංස්කරණය කරයි . එනම් සිතට නවාතැන් ගැනීමට ආත්මයක් හෙවත් පංච මහා භූතයන්ගෙන් යුත් සියුම් හෝ  ඝන ශරීරයක් සාදාගනී .

සිතට ශරීරයක් නැත . එසේම මනසට ද ශරීරයක් නැත . 
සිත තමන්ට රිසි සේ අවශ්‍ය විට අවශ්‍ය ඕනෑම තැනකට ගමන් කරයි .

දුරං ගමන් ඒක චරං - අසරීරන් ගුහාසියන්
යේ චිත්තං සංනච මෙස්සන්ති - මොක්කන්ති මාර භන්ධනං   - ධම්ම පදය  

කෙලෙස් මාරයන් විසින් ආත්මය නමැති ගුහාවේ බැඳ ඇති ශරීරය නොමැති සිත නිරතුරුවම ගමනේ යෙදෙයි .  

ඒ අනුව අපට පැහැදිලි වනුයේ සිතට හෝ මනසට ශරීරයක් නැති බවය  
එම නිසා සිතිවිලි වල නැවතීම හෙවත් කෙලෙස් නිවීම - නිර්වානය හෙවත්  සිතිවිලි මනස තුල නැවතීම වේ . 

නිබ්බන්ති ධීරා - යථායම් පදීපො - යම් සේ පහනක් තෙල් ඉවරවූ පසු තිරයක් ද අවසන් වී නිවී යන්නාසේ සිත නිවීම හෙවත් නිවනට සිත පැමිණේ .

බුදුරජාණන් වහන්සේ ජීවමානව සිටියදී නොදත් ලෝක සත්වයාට 
සංකාර ලෝකය , සත්ව ලෝකය මෙන්ම අවකාශ ලෝකය පිළිබඳව දේශනා කල බැවින් උන්වහන්සේ ලෝකවිදූ නම් වන සේක 
  
 
    
 






Comments

Popular posts from this blog

BIRTH OF A BUDDHA - A BLESSING TO THE UNIVERSE

භාරතයේ අනෝමා නදියෙන් ඉහළට ගිය සිද්ධාර්ථ තාපසතුමාගේ පාත්‍රයේ ධාතුව The relic of the bowl that Hermit Siddhartha , which went up stream of River Anoma in Bharath साधु सिद्धार्थ द्वारा रखे गए कटोरे का अवशेष, जो भारत में अनोमा नदी की धारा में ऊपर चला गया था

යසෝදරා හෙවත් භද්දකච්චානා මහ රහත් තෙරනිය