Posts

බුදුන්වහන්සේ හෝ බුදුසසුන ගැන කතාකිරීමේදී ප්‍රවේසම් වන්න - Be careful when you are Speaking about Buddha or his deciples since your specch might bring you sorrow for ever

Image
බුදුන්වහන්සේ හෝ බුදුසසුන ගැන කතාකිරීමේදී ප්‍රවේසම් වන්න  අද සමහර බෞද්ධයෝ , කර්ම විපාක ගැන අවබෝධයක් නැතිකම නිසාම කට වරද්දගෙන අමාරුයි වැටෙනවා ... මේ කතාවත් එහෙම කට වරද්දගෙන අමාරු වැටිච්ච කතාවක් . ධර්මය හරියට අවබෝධයක් නැති බෞද්ධයෝ , සංඝරත්නයට - සම්මා ගඩොල් , සම්මා කන්ට් ‍ රක්ෂන් , යැයි කියමින් ද , බුදුරජාණන් වහන්සේ උදෙසා හදන සෑ රජාණන් වහන්සේලා ට ගඩොල් ගොඩවල් යැයි කියමින් ද , වචනයෙන් බොහෝ අකුසල් රැස් කර ගන්නවා .. මේ වගේ විපාක මොන වගේ වේවිද ?? භාග් ‍ යවතුන් වහන්සේ අප කෙරෙහි කරුණාවෙන් මේ කර්ම විපාක වල ස්වභාවය පෙන්නලා දුන්නා .. ඒ වගේ රහතන් වහන්සේලාත් කර්ම විපාකවල ස්වභාවය පෙන්නලා දුන්නා .. මුගලන් මහරහතන් වහන්සේ අපායට , දිව් ‍ යලෝකෙට ගිහින් ඒ කර්ම විපාක ලෝකෙට එළි කලා .. මේ කර්මවිපාක ලෝකයාට එළිකරන්නේ අනුකම්පාවෙන්මයි .. සිත කය වචනය සංවර කරගෙන සතර අපායෙන් ගැලවිලා නිවන් දකින්න මාර්ගය හදලා දෙන්නයි කර්මවිපාකවල ස්වභාවය අපිට පෙන්නලා දුන්නේ .. සමහරු හිතනවා බුදුරජාණන් වහන්සේට , බුද්ධ පූජාවට ,

මාගේ සම්‍යක් සම්බුදු රජාණන් වහන්සේගේ උතුම් ඟුණ බෙලෙන් යහපතක්ම වේවා . May the Power of Buddha Bless out Nation aginst further Calamities

Image
  මාගේ සම්‍යක් සම්බුදු රජාණන් වහන්සේගේ උතුම් ඟුණ බෙලෙන් යහපතක්ම වේවා  මාගේ භාග්‍යවතුන් වහන්සේ ජාතිමාණ පුණ්‍යමාන බලමාන ප්‍රඥාමාන සෘද්ධි මානදී අනේකවිධ මානයෙන් උඬඟු වූ දමනය කිරීමට දුෂ්කර වූ මනුෂ්‍ය දිව්‍ය බ්‍රහ්ම යක්ෂ රාක්ෂ රාජාදීන් දමනය කරන හෙයින් සත්ත්වයන් දමනය කරන්නවුන් අතුරෙන් අග්‍ර වූ සේක  සාමාන්‍ය මනුෂ්‍යයෙකුගේ කෙස්, ලොම්, නිය, දත් මේවා පූජනීය ද? මේවා පිළිකුල් දේවල්. සමාන්‍ය මනුෂ්‍යයෙකුගේ මිනී අළු ටිකක්, මීනි ඇටකටු ටිකක් යම් ඉඩමක දැම්මොත් හූනියමක් මහා විපතක් හැටියටයි සලකන්නේ. ලේ, මස්, ඇට, නහර වලින් ම සැදුම් ලද්දා වූ තථාගතයාන් වහන්සේගේ ශරීරය කෙසේද පූජනීය වූනේ ? උන් වහන්සේගේ මහා ප්‍රඥාව, අනන්ත කරුණා මෛත්‍රීය ආදී ගුණයන් පූජනීය වුණා. ඒ ගුණයන් ස්පර්ශ වූ ලේ ධාතුවත්, මාංශත්, කෙස්, දත්, අස්ථි සියල්ලක්ම පූජනීය යි. ඒ කය ස්පර්ශ වූ චීවරය පවා පූජනීය වුණා. ඒ චීවරය සහිත ශරීරය ස්පර්ශ වූ උන් වහන්සේ වැඩ සිටි අසුන පූජනීය වුණා. උන් වහන්සේ ඇසුරු කළා වූ බෝධීන් වහන්සේ, දන් වැළදූ පාත්‍රය ද පූජනීය වුණා. උන් වහන්සේ යම් දිශාවක වැඩ සිටියා ද, යම් භූමියක් ස්පර්ශ කළා ද ඒ භූමියේ වැලි දූවිලි පවා සදා වන්දනීය, පූජනීය

ස්තූති පූජාව සහ ස්තූති පූජාවේ අනුසස් - The Results of Thanking and Parising Lord Buddha

Image
  ස්තූති පූජාව සහ ස්තූති පූජාවේ අනුසස්   මල්, පහන්, සුවඳ දුම්, සුවඳ සුණු, සුවඳ පැන්, සුවඳ දෑ, ආහාර-පාන-වස්ත්‍ර යන ආදී මනුෂ්‍යයන් කැමැති වන දෙයකි. ඇතැම්හු මිල මුදලට වඩා ස්තුතියට කැමැත්තෝය. ඔවුන් ගෙන් මුදලක් දී කරවා ගත නොහෙන වැඩක් ස්තුතියෙන් කරවා ගත හැකිය. ස්තුතියෙන් සැමදෙනා ම සතුටු කරවිය හැකි ය. සතුටු වන දෙයක් වන ස්තුතිය ද පූජා කළ යුතු දෙයකි. රජුන් සතුටු කරවා ඔවුන්ගෙන් ප්‍රයෝජන ලබනු කැමැත්තෝ රජුන් ඉදිරියේ ඔවුන්ගේ ගුණ ගී ගයා ඔවුනට ස්තුතිය පිරිනමති. දෙවියන්ගෙන් උපකාර ලබනු කැමැත්තෝ දේවාලයකට ගොස් ස්තෝත්‍ර නාමයෙන් හඳුන්වන ශ්ලෝක කවි හා කන්නලව් නමින් හඳුන්වන වාක්‍යයන් ද කියමින් දෙවියන්ට ස්තුති පූජා කරති. ඇතැම්හු ස්තුති ගීතිකා ස්තුති වාක්‍යය පත් වල ලියා හෝ මුදණය කරවා උසස් අයට හා හිතවතුන්ට පිරිනමති. එසේ කරන්නේ මේ ස්තුතිය හැමදෙනම කැමති වන්නක් බැවිනි. රාජාදී සෑමදෙනාම කැමති වන උසස් අයට පිරිනමන ඒ ස්තුතිය මල් පහන් සුවඳ ආදිය සේ රත්නත්‍රයට පූජා කිරීමට ද සුදුසු ය. එබැවින් ඇතැම්හු ලොවුතුරා බුදුවරයන් කෙරෙහි පැහැද උන්වහන්සේලා ඉදිරියේ ගාථා කියා උන්වහන්සේලාට ස්තුති පූජා කළහ. වැඳීම මල් පහන් ආදියෙන් පිදීම පිනක

පටාචාරා රහත් තෙරණියගේ කථා වස්තුව

Image
පටාචාරා  කථා වස්තුව  සැවැත් පුර සිටුවරයකු ගේ දුවක් ගෙයි මෙහෙකරුවකු හා රහසින් මිත්‍ර වැ සිට දිනෙක ගෙන යෑ හැකි තරම් ධනයත් ගෙන ඔහු සමග පැන ගොස් ඈත ගමෙක වුසුවා ය.  කල් යෑමේ දී ගර්භණී වූ ඕ තොම දරු ගැබ මේරු කල මා පියන් වෙත යෑමට සැමියාට පෙරැත්ත කළා ය. “අද යම්හ, හෙට යම්හ” යි කිය කියා හෙ තෙම කල් ගත කෙළේ ය  දිනෙක ඕ තොම තමා මා පියන් වෙත ස්වාමියා ගෙන නො යන බව සිතා, ඔහු ගෙයි නැති වේලාවක් බලා අසල් වැසියනට තමා මා පියන් වෙත යන බව කියා, හුදෙකලා ව නික්ම ගියා ය.  ගෙට ආ සැමියා එ පවත් අසා “අහෝ මා නිසා මේ කුල දුව අනාථ වූවා යැ” යි කණගාටුවට පත් ව යුහුව ගොස් ඇයට සම්මුඛ විය. මඟ දී පුත්‍ර ප්‍රසූතිය විය. එ හෙයින් ඒ ස්ත්‍රී කුල ගෙට නො ගොස් සැමියා හා ආපසු ම ආවා ය.  නැවැත දෙවැනි වරෙකත් ගර්භිණී වූ ඕ තොම වදන කාලය ළංව තිබැද්දී පෙර සේ ම මා පියන් වෙත යන අදහසින් නික්මුණා ය. සැමියා ඇය සොයා ගොස් දැක ඇය හා සැවැත් නුවර බලා ගමන් කළේ ය.  එදා රෑද මගදී සිටු දුව පුතකු වැදුවා ය. තද අකල් වැස්සට ද ඔහු අසු වූහ. “ස්වාමීනි, නො තෙමී ඉන්නට තැනක් පිළියෙළ කළ මැනැවැ” යි ස්ත්‍රිය විසින් කියන ලද යථෝක්ත පුරුෂ තෙම පඳුරක් දැක එහි ගොස් අත තුබුණ කැ

භාතිකාභය රජතුමා එකල මහා සෑයට කරපු පිංකම් - KING BATHIKABAYA'S VENERATION TO THE RATNAMALI SEYA - WHERE BUDDHA'S RELICS ARE ENSHRINED

Image
  භාතිකාභය රජතුමා එකල මහා සෑයට කරපු පිංකම්  භාතිකාභය රජතුමා එකල මහා සෑයට කරපු පිංකම් අද කලා නම්, කරපු කෙනාව පුරාවිද්‍යාවෙන් අල්ලන් ගිහින් හිරේ දානවා.. ඇත්තටම අද කාලේ බෞද්ධයන්ට භාතිකාභය රජතුමා කරපු පිංකම් දරා ගන්න බෑ..ඒවා ඒ තරම් ම විශ්මිතයි..කරනවා තියා අද කාලේ එහෙම පිංකම් ගැන හිතන්නවත් බෑ... ඉමහත් ශ්‍රද්ධාවෙන් ස්වර්ණමාලි මහා සෑය හදපු දුටුගැමුණු රජතුමාට, මහා සෑයට උපස්ථාන කරන්න බැරිවුනා..පුද පූජා පවත්වන්න බැරි වුනා.. අපේ දුටුගැමුණු රජතුමා ජිවතුන් අතර සිටියා නම්, මහා සෑයට කරපු පුද පූජා ගැන ලියන්න මහවංශය ඉඩ මදි වේවී..අපිට ඒ ගැන හිතා ගන්නවත් බැරි වේවී.. හැබැයි, ඒ අඩුව පුරවපු මහා ශ්‍රද්ධාවන්ත රජ කෙනෙක් මේ ලක්දෙරණේ පහල වුනා..  දුටුගැමුණු රජතුමාගෙන් අවුරුදු 120ට විතර පස්සේ "භාතිකාභය" නමින් ශ්‍රේෂ්ඨ රජෙක් පහල වුනා.. මහා සෑයත්, භාතිකාභය රජතුමාත් අතර සම්බන්ධය කොයිතරම් ද කියනවා නම්, අදටත් මහා සෑ මළුවේ භාතිකාභය රජතුමාගේ ගලින් නෙලන ලද පිළිමයක් තියෙනවා.. මං ඉස්සර හිතන් හිටියේ ඒ ඉන්නේ දුටුගැමුණු රජතුමා කියලා.. පස්සේ කාලෙක "මහාවංශය" කියවද්දි තමා තෙරුනේ ඇයි භාතිකාභය රජතුමාගේ පිළිමයක්

සම්බුද්ධ පරිනිර්වාණය. PASSING AWAY OFBUDDHA

Image
  සම්බුද්ධ පරිනිර්වාණය.  අරුණෝදයෙන් පසු අනඳ හිමියෝ කුසිනාරා නුවරට පිවිස එහි සන්ථාගාරයෙහි රැස්ව හුන් මල්ල රජුන්ට තථාගත පරිනිර්වාණය දැන්වූහ. එපවත් අසා මල්ල රජුහුද ඔවුන්ගේ භාර්යාවෝද දූ දරුවෝද “ඉතා ඉක්මනින් තථාගතයන් වහන්සේ පිරිනිවි සේකැ” යි අනේකාරයෙන් හැඬූහ.🪷🌿🌸 ඉක්බිති මල්ල රජහු බොහෝ වූ සුවඳ හා මල් ද අනේක තූර්යභාණ්ඩයන් හා බොහෝ වස්ත්‍රයන් ද ගෙන්වා ගෙන උපවත්තන නම් සල් උයනට ගොස් නැටුමෙන් හා ගැයුමෙන් ද ගීතයෙන් ද සුවඳින් හා මලින්ද තථාගත ශ්‍රී දේහයට පුදමින් සත්කාර කරමින් ගරු බුහුමන් කරමින් වියන් බඳිමින් රැස්වීම් හල් පිළියෙල කරමින් ඒ දිනය ඉක්ම වූහ.  දෙවන තුන්වන සතරවන පස්වන සවන දින ද එසේම නෘත්‍ය ගීතාදියෙන් ශ්‍රී දේහය පුදමින් ඉක්මවූහ. සත්වන දිනයේදී ඔවූහු නෘත්‍ය ගීත වාදිත මාලාගන්ධයෙන් පූජා සත්කාර කරමින් ගරු බුහුමන් කරමින් ශ්‍රී දේහය නගරයට බැහැරින් දකුණු දිගට ගෙන ගොස් ආදාහනය කරන්නට නියම කරගත්හ.  ඉක්බිති ජවසම්පන්න මල්ලයන් අට දෙනෙක් නා පිරිසිදු වී අළුත් පිළි හැඳ තථාගත ශ්‍රී දේහය ඔසවන්නට තැත් කළහ. ඔවුනට තථාගත දේහය එසවිය නොහැකි විය. එකල්හි මල්ලයෝ තථාගත දේහය නො එසවිය හැකි වීමේ හේතුව අනුරුදු හිමියන්ගෙන්

දුෂ්කර ක්‍රියා කළ මහා බෝසතුන් -How Buddha as an Aspirant tried to achieve succcess for 7 Years

Image
  දුෂ්කර ක්‍රියා කළ මහා බෝසතුන් ආලාරකාලාම, උද්දකරාමපුත්ත ආදී තවුස් ආචාර්‍යවරුන් වෙතින් සමුගෙන "කිංකුසල ගවේෂීව" හුදකලාව නිවන් සොයමින් පැමිණි බෝසතුන් උරුවෙළ දනව්වට පැමිණ "සේනානි" නියංගම් ඇසුරු කොට නේරංජනා නදී තීරයේ වන ලැහැබෙක්හි අනුක්‍රමයෙන් උග්‍ර තපස් දම් පිරීම ආරම්භ කළහ. එහිදී එතුමාට ඒ වන විට තවුස් පැවිද්දෙන් පැවිදිව සිටි කොණ්ඩඤ්ඤ ,වප්ප, භද්දිය, මහානාම, අස්සජි යන පස්වග තවුසන් මුණ ගැසුණු අතර ඔවුහු බෝසතුණට උපස්ථාන කරන්නට සතුටින් ඉදිරිපත් වූහ. මේ මහා වීරකථාවේ සය අවුරුද්දක් පුරා එම මහා වීරයාණන් අත්දුටු දුෂ්කර ක්‍රියා අප්‍රමාණයි.එයින් බිඳක්  පමණක් ගෙනහැර පෑම මේ ලිපියේ අරමුණයි. එය බුදුමුවින්ම පැහැදිලි කළ අයුරින් මෙහිලා සඳහන් කරන්නෙමු. දිනක් බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයේ වැඩ වාසය කරන කල්හි ජානුස්සෝනි බ්‍රාහ්මණයාට මෙසේ වදාළහ. ජානුස්සෝනි, මම පසළොස්වක තුදුස්වක අටවක, අමාවක වැනි දිනවල රාත්‍රිකාලවල ගෙයක් දොරක් නොමැති මහා රූස්ස ගස් ඇති අඳුරු තැන්වල තනිවම ඉදිද්දී ඇග කිලිපොළා යන දේවල් දකිනවා.ශබ්ද ඇහෙනවා.නමුත් මං ඒ තැන්වලින් සෙළවුණේවත් නැහැ. සමහර වෙලාවක මුවෙක් දුවනවා. ඒ ව