Posts

භාතිකාභය රජතුමා එකල මහා සෑයට කරපු පිංකම් - KING BATHIKABAYA'S VENERATION TO THE RATNAMALI SEYA - WHERE BUDDHA'S RELICS ARE ENSHRINED

Image
  භාතිකාභය රජතුමා එකල මහා සෑයට කරපු පිංකම්  භාතිකාභය රජතුමා එකල මහා සෑයට කරපු පිංකම් අද කලා නම්, කරපු කෙනාව පුරාවිද්‍යාවෙන් අල්ලන් ගිහින් හිරේ දානවා.. ඇත්තටම අද කාලේ බෞද්ධයන්ට භාතිකාභය රජතුමා කරපු පිංකම් දරා ගන්න බෑ..ඒවා ඒ තරම් ම විශ්මිතයි..කරනවා තියා අද කාලේ එහෙම පිංකම් ගැන හිතන්නවත් බෑ... ඉමහත් ශ්‍රද්ධාවෙන් ස්වර්ණමාලි මහා සෑය හදපු දුටුගැමුණු රජතුමාට, මහා සෑයට උපස්ථාන කරන්න බැරිවුනා..පුද පූජා පවත්වන්න බැරි වුනා.. අපේ දුටුගැමුණු රජතුමා ජිවතුන් අතර සිටියා නම්, මහා සෑයට කරපු පුද පූජා ගැන ලියන්න මහවංශය ඉඩ මදි වේවී..අපිට ඒ ගැන හිතා ගන්නවත් බැරි වේවී.. හැබැයි, ඒ අඩුව පුරවපු මහා ශ්‍රද්ධාවන්ත රජ කෙනෙක් මේ ලක්දෙරණේ පහල වුනා..  දුටුගැමුණු රජතුමාගෙන් අවුරුදු 120ට විතර පස්සේ "භාතිකාභය" නමින් ශ්‍රේෂ්ඨ රජෙක් පහල වුනා.. මහා සෑයත්, භාතිකාභය රජතුමාත් අතර සම්බන්ධය කොයිතරම් ද කියනවා නම්, අදටත් මහා සෑ මළුවේ භාතිකාභය රජතුමාගේ ගලින් නෙලන ලද පිළිමයක් තියෙනවා.. මං ඉස්සර හිතන් හිටියේ ඒ ඉන්නේ දුටුගැමුණු රජතුමා කියලා.. පස්සේ කාලෙක "මහාවංශය" කියවද්දි තමා තෙරුනේ ඇයි භාතිකාභය රජතුමාගේ පිළිමයක්

සම්බුද්ධ පරිනිර්වාණය. PASSING AWAY OFBUDDHA

Image
  සම්බුද්ධ පරිනිර්වාණය.  අරුණෝදයෙන් පසු අනඳ හිමියෝ කුසිනාරා නුවරට පිවිස එහි සන්ථාගාරයෙහි රැස්ව හුන් මල්ල රජුන්ට තථාගත පරිනිර්වාණය දැන්වූහ. එපවත් අසා මල්ල රජුහුද ඔවුන්ගේ භාර්යාවෝද දූ දරුවෝද “ඉතා ඉක්මනින් තථාගතයන් වහන්සේ පිරිනිවි සේකැ” යි අනේකාරයෙන් හැඬූහ.🪷🌿🌸 ඉක්බිති මල්ල රජහු බොහෝ වූ සුවඳ හා මල් ද අනේක තූර්යභාණ්ඩයන් හා බොහෝ වස්ත්‍රයන් ද ගෙන්වා ගෙන උපවත්තන නම් සල් උයනට ගොස් නැටුමෙන් හා ගැයුමෙන් ද ගීතයෙන් ද සුවඳින් හා මලින්ද තථාගත ශ්‍රී දේහයට පුදමින් සත්කාර කරමින් ගරු බුහුමන් කරමින් වියන් බඳිමින් රැස්වීම් හල් පිළියෙල කරමින් ඒ දිනය ඉක්ම වූහ.  දෙවන තුන්වන සතරවන පස්වන සවන දින ද එසේම නෘත්‍ය ගීතාදියෙන් ශ්‍රී දේහය පුදමින් ඉක්මවූහ. සත්වන දිනයේදී ඔවූහු නෘත්‍ය ගීත වාදිත මාලාගන්ධයෙන් පූජා සත්කාර කරමින් ගරු බුහුමන් කරමින් ශ්‍රී දේහය නගරයට බැහැරින් දකුණු දිගට ගෙන ගොස් ආදාහනය කරන්නට නියම කරගත්හ.  ඉක්බිති ජවසම්පන්න මල්ලයන් අට දෙනෙක් නා පිරිසිදු වී අළුත් පිළි හැඳ තථාගත ශ්‍රී දේහය ඔසවන්නට තැත් කළහ. ඔවුනට තථාගත දේහය එසවිය නොහැකි විය. එකල්හි මල්ලයෝ තථාගත දේහය නො එසවිය හැකි වීමේ හේතුව අනුරුදු හිමියන්ගෙන්

දුෂ්කර ක්‍රියා කළ මහා බෝසතුන් -How Buddha as an Aspirant tried to achieve succcess for 7 Years

Image
  දුෂ්කර ක්‍රියා කළ මහා බෝසතුන් ආලාරකාලාම, උද්දකරාමපුත්ත ආදී තවුස් ආචාර්‍යවරුන් වෙතින් සමුගෙන "කිංකුසල ගවේෂීව" හුදකලාව නිවන් සොයමින් පැමිණි බෝසතුන් උරුවෙළ දනව්වට පැමිණ "සේනානි" නියංගම් ඇසුරු කොට නේරංජනා නදී තීරයේ වන ලැහැබෙක්හි අනුක්‍රමයෙන් උග්‍ර තපස් දම් පිරීම ආරම්භ කළහ. එහිදී එතුමාට ඒ වන විට තවුස් පැවිද්දෙන් පැවිදිව සිටි කොණ්ඩඤ්ඤ ,වප්ප, භද්දිය, මහානාම, අස්සජි යන පස්වග තවුසන් මුණ ගැසුණු අතර ඔවුහු බෝසතුණට උපස්ථාන කරන්නට සතුටින් ඉදිරිපත් වූහ. මේ මහා වීරකථාවේ සය අවුරුද්දක් පුරා එම මහා වීරයාණන් අත්දුටු දුෂ්කර ක්‍රියා අප්‍රමාණයි.එයින් බිඳක්  පමණක් ගෙනහැර පෑම මේ ලිපියේ අරමුණයි. එය බුදුමුවින්ම පැහැදිලි කළ අයුරින් මෙහිලා සඳහන් කරන්නෙමු. දිනක් බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයේ වැඩ වාසය කරන කල්හි ජානුස්සෝනි බ්‍රාහ්මණයාට මෙසේ වදාළහ. ජානුස්සෝනි, මම පසළොස්වක තුදුස්වක අටවක, අමාවක වැනි දිනවල රාත්‍රිකාලවල ගෙයක් දොරක් නොමැති මහා රූස්ස ගස් ඇති අඳුරු තැන්වල තනිවම ඉදිද්දී ඇග කිලිපොළා යන දේවල් දකිනවා.ශබ්ද ඇහෙනවා.නමුත් මං ඒ තැන්වලින් සෙළවුණේවත් නැහැ. සමහර වෙලාවක මුවෙක් දුවනවා. ඒ ව

අපි අවබෝධයෙන් යුතුව තෙරුවන් නමදිමු - We shall worship Buddha ,Dhammaa and Sanga with the real undersatanding

Image
අපි  අවබෝධයෙන් යුතුව  තෙරුවන් නමදිමු  ඉතිපි සෝ භගවා  අරහං සම්මා සම්බුද්ධෝ විඡ්ඡාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදූ  අනුත්තරෝ , පුරිසදම්මසාරථී  සත්ථා දේවමනුස්සානං බුද්ධෝ භගවාතී සිංහල තේරුම වාසනා සහිත සකල ක්ලේෂයන් දුරු කළ හෙයින්ද, සියලු කෙලෙස් සතුරන් නැසූ හෙයින්ද, සංසාර චක්‍රයේ අරටු සිඳලූ හෙයින්ද, ලෝවැසියන්ගේ ආමිස පූජා, ප්‍රතිපත්ති පූජා පිළිගැනීමට සුදුසු වන හෙයින් ද, රහසින්වත් පව් නොකළ හෙයින් ද අරහත් නම් වන සේක. ඒ භාග්‍යවතුන් වහන්සේ චතුරාර්‍ය සත්‍ය ධර්මයන් තමන් වහන්සේ විසින්ම අවබෝධ කළ හෙයින් සම්මා සම්බුද්ධ නම් වන සේක. ඒ භාග්‍යවතුන් වහන්සේ අෂ්ඨ විද්‍යාවෙන් හා පසළොස්චරණ ධර්මයන්ගෙන් යුක්ත වූ හෙයින් විජ්ඡාචරණ සම්පන්න නම් වන සේක. ඒ භාග්‍යවතුන් වහන්සේ ශෝභන වූ ගමන් ඇති හෙයින් ද, සුන්දර වූ තැනට පැමිණි හෙයින් ද සුභාශිත වචන වදාළ හෙයින් සුගත නම් වන සේක. ඒ භාග්‍යවතුන් වහන්සේ සියලු ලෝකයන් තත්වූ පරිද්දෙන් දන්නා හෙයින් ලෝකවිදු නම් වන සේක. ඒ භාග්‍යවතුන්වහන්සේ සියල්ලන් දමනය කළ හෙයින් අනුත්තර පුරිස දම්ම සාරථී නම් වන සේක. දමනය කර නිවන කරා පමුණුවන හෙයින් ඒ භග්‍යවතුන් වහන්සේ දෙව් මිනිසුන් ප්‍රධාන සත්වයන්ට අනුශාසනා ක

සක් දෙවිඳුගේ කථා වස්තුව - The story of Lord Skra in the Divine World

Image
  සක් දෙවිඳුගේ කථා වස්තුව පින්වලට කවුරුත් කැමතියි. නමුත් පින් වලින් ලැබෙන සැප මොනවාද කියා බොහෝ දෙනෙක් දන්නෙ නැහැ. එ් නිසා පින් කරන්න කැමති වුණත්, පින්වලට උනන්දුවක් නැහැ. පින ගැන අවබෝධයක් තියෙනවා නම්, එ් කෙනා දක්ෂ මල් කාරයෙක් වගෙයි. මල් නෙලන්නට මල් තියෙන තැන් සොය සොයා යනවා වගේ පින් රැස්කරගන්නට පුළුවන් සෑම තැනකින්ම ප්‍රයෝජනය ගන්නවා. චාතුම්මහාරාජික, තාවතිංස නමින් දිව්‍ය ලෝක දෙකක් තියෙනවා. එම දිව්‍ය ලෝක දෙකේම අධිපති භාවය ලැබූ කෙනාට තමයි සක් දෙවිඳු කියන්නේ. ශක්‍ර දෙවියන් කලින් මිනිස් ලොව හිටිය කෙනෙක්. ඔහු ගොඩාක් පින් කළා. දවසක් ලිච්ඡවි කුමාවරුන් ශක්‍ර දෙවියන් ගැනත්, බුදුරජාණන් වහන්සේගෙන් ඇසුවා. එවේලෙහි බුදුරජාණන් වහන්සේ ශක්‍ර දෙවියන්ගේ අතීත ජීවිත කථාව පෙන්වා වදාළා. එකමත් එක කාලෙක මගධ දේශයෙහි ‘මචල’ කියල ගමක් තිබුණා. මේ ගමේ තරුණයෙක් හිටියා. ඔහුගෙ නම මඝ. මඝ මාණවකයා කියලයි ඔහු ප්‍රසිද්ධ වුණේ. ඔහු මිනිසුන්ට හරිම ආදරෙයි. හැමෝටම උදව් කරනවා. හැම දෙනාගෙම සැපදුක් බලනවා. එ් වගේම ඔහු සිල්වන්තයි. ඔහු ජීවිත කාලය පුරාම උතුම් ගුණ ධර්ම හතක් සමාදන් වෙලා හිටියා. එ් ගැන බුදුරජාණන් වහන්සේ මේ විදිහට පෙන්වා වදාළා

කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ - The First Desciple of Lord Buddha - Ven Kondanna

Image
කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ සැදැහැ ධනයෙන් යුතු සිත් ඇති පින්වතුන් හට සඟරුවන කෙරෙහි ප්‍රසාදය බලවත් වීම පිණිස ලියැවෙන මෙය ගොයුම් බුදුසසුන සෝභමාන කළ අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේට උපහාර පූජාවක් වේවා. මේ සේනිය බිම්බිසාර මහා නරේන්ද්‍රයන් විසින් ගෞතම බුදුසසුනට පූජා කළ සොඳුරු වේළුවනාරාම පින් බිමයි. රමණීය කඳු වළළු කිහිපයකින් වට වූ රජගහනුවර සුපිහිටි මේ ආරාමයෙහි තිලෝගුරු ගෞතම බුදුරජාණෝ වැඩ සිටිනා සේක. එදින භික්ෂු පිරිස පිරිවරාගත් අප සම්මා සම්බුදු රජාණෝ එළිමහනේ වැඩහුන් මොහොතේ, වයෝවෘද්ධ වූ, වැවී ගිය කෙස් රැවුල් ඇති, වැහැරී ගිය සිවුරක් ගත දරා ගත්, ශාන්ත සංසුන් ඉරියව් ඇති භික්ෂුවක් වේළුවනාරාමය වෙත වැඩම කළේය. දුර සිටම සම්බුදු රජාණන් වහන්සේ දෙසට ම යොමු කරගත් නෙතින් යුතුව ගෞරවාන්විත ගමනින් පැමිණි මේ භික්ෂුව රැස්ව සිටි භික්ෂු පිරිස මධ්‍යයේ ම බුදුරජුන්ගේ සිරිපතුල් යුග අභියස සිරසින් වැඳ වැටිණි. ඒ ස්වර්ණ වර්ණ සිරිපා යුග්මය තම මුවින් සිඹින්නට පටන් ගති. නහර වැල් ඉල්පුණු තම දෙඅතින් ඒ සිරිපා යුග පිරිමදින්නට විණි. එහි සිටි නවක භික්ෂූන් මුහුණට මුහුණ බලා ගත්තා විණා, කිසිවෙකුත් මේ උතුම් භික්ෂුව හඳුනා නොගත්තේය. මේ මහා

තමාට පිහිට තමාමය - You yourself is the only Help for you in this world

Image
                                අත්තාහි අත්තනෝ නාථෝ                 කෝහි  නාථෝ පරෝසියා                 අත්තාහි සුදන්තෙන                නාථාන් ලබති දුල්ලභං  අර්ථය - තමාට පිහිට තමාමය - අන් කවරෙකු හට හෝ ඔබට පිහිට වන්නේ කෙසේද ? එහෙත් ඔබ මනාව බුදු වදන අනුව ,ඔබගේ ම සිත දමනය කරගනියි නම් . එම මනාව දමනය කරගත් සිත ඔබට නිවන                        නමැති උතුම්වූ සදාතනික පිහිට ලබා දෙයි . සියලු දෙය ඇතිවෙයි - පවතයි- නැතිවෙයි ( - උත්පාද - තිථි - භංග ) , බුදු වදන මෙයයි . එසේ නම් සියලු දෙන සහ සියලු දෙය සදාකාලික නැත . එබැවින් කිසිවෙකුට ඔබගේ පිහිටට පැමිණිය නොහැක . මදක් සිතන්න කවුරු හිටයත් ඔබ ගේ වයසට යාම ,ඒ අයට නැවතිය හැකිද ? ඔබගේ ශරීරය දිරාපත් වීම නැවතිය හැකිද ? ඔබව මරණයෙන් ගලවා ගත හැකිද ? ඒ කිසිවක් කිරීමට ඔබට කිසිවෙකුට උපකාර කල නොහැක . එසේ නම් බුද්ධ දේශනය අනුව සියලු අකුසල් දුරු කරමින් කුසල් වඩමින් ඔබගේ සිත භාවනාව තුලින් දමනය කර ගනිමින් නිවන නමැති ජාති - ජරා - මරණ වලින් තොරවූ අජරාමර සංඛයාත නිවන නමැති පිහිට උදාකරගෙන සදා සැනසෙන්න . All things arise