The Immesureable Qualities of Buddha - The Exalted One ( මුණි ගුණ අසිරිය )




බුදු රජාණන් වහන්සේගේ ගුණ කදම්භය - මුණි  ගුණ අසිරිය  

අරහං ගුණය 

බුදු රජාණන් වහන්සේ සියලු ආශ්‍රවයන් ප්‍රහාණය කල සේක . රාගය , ද්වේශය  සහ මෝහය දුරු කළ  රහතන් වහන්සේ නමක් වන නිසා අරහං නම් වන සේක.

සම්මා සම්බුද්ධ ගුණය   

උන්වහන්සේ ගුරුපදේශ රහිතව ස්වකීය බුද්ධියෙන් හා වීර්යයෙන් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කළ  නිසා සම්මා සම්බුද්ධ නම් වන සේක.  

විජ්ජාචරණ සම්පන්න ගුණය 

බුදු රජාණන් වහන්සේ  අනන්ත ඤනයෙන්ද  ,අනන්ත ශිලයෙන්ද ,අනන්ත සමාධියෙන්ද ,
අනන්ත ගුණයෙන්ද සමන්විත නිසා විජ්ජාචරණ නම් වන සේක 

සුගත ගුණය 

බුදු රජාණන් වහන්සේ සුන්දර නිවන් මග වූ , ආර්ය අෂ්ටාංගික මාර්ගය සොයාගෙන 
ඒ මාර්ගයේ ගමන් කර සුන්දර නිවනට වැඩම කළ  නිසා සුගත නම් වන සේක .


ලෝක විදු ගුණය 

බුදු රජාණන් වහන්සේ බ්‍රහ්ම ලෝක ,දිව්‍ය  ලෝක ,මිනිස් ලෝකය ,ප්‍රේත  ලෝක ,තිරිසන් ලෝකය ,නිරය ආදී සියළු  ලෝකයන් පිළිබඳව පරිපුර්ණව අවබෝධ කල සේක .
ඒ ලෝකවල උපතට හේතුවත් ,නිදහස් වන ආකාරයත් අවබෝධ කර ,ඒ සියළු  ලෝකයන් ගෙන් සදහටම නිදහස් වූ සේක .

අනුත්තරෝ පුරිස ධම්ම සාරතී ගුණය 

උන්වහන්සේ අන් අයට  දමනය කිරීමට නොහැකි , එහෙත් ධර්මය අවබෝධ කිරීමට පින් ඇති කවරෙකු වුවද නිවන් මගෙහි දමනය කිරීමට අතිශය දක්ෂ වන සේක .

සත්ථා දේවමනුස්සානං බුදු ගුණය 

බුදු රජාණන් වහන්සේ සියළු දෙවියන්ව ද , මිනිසුන්ව ද සසර කතරින් එතෙර කරවාලන
මහා ගැල්  කරුවාණන් වහන්සසේ  වන සේක . 

බුද්ධ ගුණය 

උන්වහන්සේ විසින්  අවබෝධ කරගත් චතුරාර්ය සත්‍ය ධර්මය අන්‍යන්ට ද පහසුවෙන් අවබෝධ කරගැනීම  පිණිස ,මහා කරුණාවෙන් දේශනා කොට වදාළ සේක. 

භගවා ගුණය

මේ සියළු සම්බුදු ගුණ දරා වැඩ සිටීමට තරම් භාග්‍යවන්ත වන සේක




 




Comments

Popular posts from this blog

BIRTH OF A BUDDHA - A BLESSING TO THE UNIVERSE

භාරතයේ අනෝමා නදියෙන් ඉහළට ගිය සිද්ධාර්ථ තාපසතුමාගේ පාත්‍රයේ ධාතුව The relic of the bowl that Hermit Siddhartha , which went up stream of River Anoma in Bharath साधु सिद्धार्थ द्वारा रखे गए कटोरे का अवशेष, जो भारत में अनोमा नदी की धारा में ऊपर चला गया था