බෝ මළුවක බෝපත් (දැක) එය ගෙන බැහැර කිරීමෙන් ලබන්නාවූ ආනිසංස - Results of Clearing a Bo- tree Compound of a Temple

 

බෝ මළුවක බෝපත් (දැකඑය ගෙන බැහැර කිරීමෙන්  ලබන්නාවූ ආනිසංස 

මම පෙර සෑ මළුවෙහි හැරදැමූ බෝපත් (දැක) එය ගෙන බැහැර ලීමි. (එහි) විසි ගුණයක් අනුසස් ලැබීමි.

’’එම කම් බෙලෙන් කුදුමහත් භවයෙහි සැරිසරන්නේ දිව්යවූද, මනුෂ්යවූද දෙඅත්බැව්හි සැරිසරමි.

’’දෙව්ලොවින් ච්යුතව මනුෂ් භවයට පැමිණ ක්ෂත්රිය බ්රාහ්මණ දෙකුලෙහි (පමණක්) උපදිමි.

’’සුපුන් අඟපසඟ ඇත්තේ, ආරෝහ පරිණාහයෙන් යුතුවූයේ, නොඅඩුව සම්පූර් අඞ්ග ඇත්තේ, පිරිසිදුවූයේ, මනා රූ ඇත්තේ වෙමි.

’’දෙව් ලොවෙහි හෝ, මිනිස් ලොවෙහි හෝ යම් කිසි තැනක උපන්නේ නම්, නිවනලද ස්වර්ණයක් මෙන් රන්වන් වන්නේය.

’’බෝපත් බැහැරකළ කල්හි ( හේතුවෙන්) මාගේ සිවිය හැමකල්හි මෘදුද, මෙලෙක්ද, සිනිඳුද, සියුම්ද, සියුමැලිද වේ.

’’යම්කිසි ගතියක සිරුර පහළවූ කල්හි (එහි) දැලි, කුණු නොතැවරේ. බෝපත් බැහැරලීමෙහි මේ විපාකයයි.

’’උෂ්ණවූ අවු සුලං ඇති කල්හිද, යලි ගිණි රශ්මිය කරණකොටගෙනද මාගේ සිරුරෙහි ඩහ නොවැගිරේ. (මෙය) සෑ මළුවෙහි බෝපත් බැහර කර ලීමෙහි විපාකයයි.

’’කුෂ්ටද, ගෙඩිද, කැසිලිද, තලකැලැල්ද, පොළවල් (බිබිලි), එසේම දදද, සිරුරෙහි නොවෙත්. පත් බැහැර කිරීමෙහි (කසල ඉවත් කිරීමෙහි) මේ විපාකයයි.

’’කුදුමහත් භවයෙහි කර්මයාගේ අනිකුදු ගුණයක් ඇතිවේ. (එනම්) සිරුරෙහි රෝගාබාධයෝ නොවෙත්. (කසළ) කොළ බැහැර කිරීමේ (මේ) විපාකයයි.

’’කුදුමහත් භවයෙහි කර්මයාගේ අනිකුදු ගුණයක් ඇතිවේ. (එනම්) මානසික පීඩාවක් ඇති නොවේ. (කසළ) කොළ බැහැර කිරීමේ (මේ) විපාකයයි.

’’කුදුමහත් භවයෙහි කර්මයාගේ අනිකුදු ගුණයක් ඇතිවේ. (එනම්) එම කර්මය කළහුට පසමිතුරෝ ඇති නොවෙත්. (කසළ) කොළ බැහැර කිරීමේ (මේ) විපාකයයි.

’’කුදුමහත් භවයෙහි කර්මයාගේ අනිකුදු ගුණයක් ඇතිවේ. (එනම්) නොඅඩුවූ භෝග සම්පත් ඇත්තේ වේ. (කසළ) කොළ බැහැර කිරීමේ (මේ) විපාකයයි.

’’කුදුමහත් භවයෙහි කර්මයාගේ අනිකුදු ගුණයක් ඇතිවේ. (එනම්) ගින්නෙන්, රජුන්ගෙන්, සොරුන්ගෙන් හෝ දියෙහි බියක් ඇති නොවේ. (කසළ) කොළ බැහැර කිරීමේ (මේ) විපාකයයි.

’’කුදුමහත් භවයෙහි කර්මයාගේ අනිකුදු ගුණයක් ඇතිවේ. (එනම්) දැසි දස්සෝ සිතැඟි අනුව පවත්නා අනුචරයෝ වෙත්. (කසළ) කොළ බැහැර කිරීමේ (මේ) විපාකයයි.

’’යම් පමණ ආයු ඇති කලෙක්හි මිනිසත් බවක උපදීද, ඉන් ආයු නොපිරිහේ. (එකලට නියමිත) ආයු ඇතිතාක් සිටී.

’’ඇතුළතවූවෝද, පිටත්හි හැසිරෙන්නෝද, නිගම් වැස්සෝද, රටවැසියන් සහිතවූවාහු, මේ සියල්ලෝ අභිවෘද්ධිය කැමතිවූවාහු (තමාට) අනුගතවූවෝ වෙත්.

’’මම භවයෙහි හැම අයුරකින්ම භෝග ඇත්තේද, යසස් ඇත්තේද, ශ්රීමත්වූයේද, ඥාති පක් ඇත්තේද වෙමි. (එසේම) පහවූ බිය, තැතිගැනිම් ඇත්තේද වන්නේය.

’’භවයෙහි හැසිරෙන්නාවූ මට හැම කල්හි දෙවියෝද, අසුරයෝද, මනුෂ්යයෝද, ගාන්ධර්වයෝද, යක් රකුසෝද යන මේ සියල්ලෝ පිරිවර වෙත්.

’’දෙව් ලොවෙහිද, මිනිස් ලොවෙහිද යන මේ දෙලෙව්හිම යසස් අනුභවකොට අවසන්හි අනුත්තරවූ, ශිවවූ නිවනට පැමිණියේ වෙමි.

’’යම් පුරුෂයෙක් තෙම සම්බුදුරජුන් උදෙසා හෝ, එම ශාස්තෲන් වහන්සේගේ බෝධිය උදෙසා හෝ පින් රැස් කරන්නේ නම් ඕහට කුමක් නම් දුර්ලභද?

’’මාර්ගයෙහිද, ඵලයෙහිද, ධ්යානාභිඥා ගුණයන්හිද අන් අයට වඩා අධික (ඥාන) ලාභියෙක්මි. ආශ්රව රහිතව පිරිනිවන් පාමි.

’’පෙර මම සතුටු සිත් ඇත්තේ, බෝධියෙහි කොළ බැහැරකොට හැමකල්හි මෙම අඞ්ග විස්සෙන් සමන්විත වෙමි.

’’මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. ඇතෙකු මෙන් බැඳුම් සිඳ, ආශ්රව රහිතව වෙසෙමි.

’’ඒකාන්තයෙන් බුද්ධශ්රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ පැමිණීමක් විය. පමුණුවන ලද ත්රිවිද්යා ඇත්තෝය. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.

Comments

Popular posts from this blog

BIRTH OF A BUDDHA - A BLESSING TO THE UNIVERSE

Extracts form " Light of Asia " by Sir Edwin Arnold