විශ්වය වැඩිපුරම අපට දෙන මෙම දස සංඥා මොනවාද? What are these ten signs that the universe gives us the most? ये कौन से दस संकेत हैं जो ब्रह्मांड हमें सबसे ज़्यादा देता है?

විශ්වය වැඩිපුරම අපට දෙන මෙම දස සංඥා මොනවාද?



දෙන සිග්නල් ගැන කතා වෙති... නොදෙන සිග්නල් ගැන කතා වෙති... සිග්නල් යනු කුමක්ද? oඥාවයි...

මේ ලෝකයේ මිනිසුන් කිසිවෙකුත් නොදෙන oඥා දුටුවද විශ්වය විසින් වැඩිපුරම නිරන්තරයෙන් දෙන සිග්නල් නොදකිති...

එසේ විශ්වය අපට වැඩිපුරම දෙන සිග්නල් දහයක් ගැන බුදු හිමියන් දේශනා කරති. ඒවා දස oඥා ලෙස හැඳින්වේ...

විශ්වය වැඩිපුරම අපට දෙන මෙම දස සංඥා මොනවාද?

 අනිච්ච සංඥා

 අනත්ත සංඥා

 අසුභ

 ආදීනව

 පහාන

 විරාග

 නිරෝධ

 සබ්බ ලෝකේ අනභීරත සංඥා

 සබ්බ සංඛාරේසු අනිච්ච සංඥා               ආනාපානසති..

අනිච්ච සඥා.... අනිත් භාවයයි

මේ අනිතය බවේ සඥා සැම තැනම දක්නට නොලැබේද?

අද හොදින් සිටි මිනිසා හෙට මිය යයි...

අද හොදින් සිටි සුරතලා හෙට මියයයි..

අද නිරෝගීව සිටි මිනිසා හෙට මාරාන්තික ලෙස රෝගී වේ..

අංග සම්පුර්ණ සිරුර ඊළඟ මොහොතේ අබාධිත වේ..

අප සියලු දෙනා අතරින් ලබන වසර අවසාන වන තෙක් ජීවත් විය හැකි යැයි සහතික කල හැකි කිසිවෙක් අප අතර සිටී ?

ලබන මාසය වන තෙක් ආබාධිත නොවී සිටී යැයි සහතික කල හැකි කිසිවෙක් මිහිපිට සිටීද?

ගහක කොලයක් පවා නොවෙනස්ව එකම ලෙස මොහොතක් හෝ තිබේද?

 අනත්ත සංඥා... අනාත්මය..

මොහොතක් පාසා වෙනස් වන ලෝකය තුල නිත් යැයි නොවෙනස් වේ යැයි ගත හැකි කිසිම දෙයක් තිබේද? කිසිම මූල පදාර්ථයක් නොවෙනස්වන ස්වභාවක නැත. අනිත්යම ආත්ම කොට සිටිති...

පදනම අනිත් හෙයින් අන් සියල්ල අනිත් වේ.. එබැවින්ම අනාත්ම වේ..

අසුභ සංඥා...

බසයේ දකින කාන්තාවකගේ සිරුර තුල ඇති සුභ දේ කුමක්ද?

පුරුෂ සිරුරක ඇති සුභ දේ කුමක්ද?

මොහොතක් පාසා වෙනස් වන දෙයක ඇති සුභය කුමක්ද?

ඊළඟ මොහොතේ නැති විය හැකි දෙයක ඇති සුභය කුමක්ද?

සිතට දැනෙන කිසිම සිතුවිල්ලක් ක්ෂනයකට වඩා නොපවති නම් එහි සුභය කුමක්ද?

කොතරම් අවැසි වූවත් සතුට සැනසීම වත් පැවැත්විය නො හැකි නම් එහි සුභය කුමක්ද?

ආදීනව සංඥා...

ලේ මස් අසුචියෙන් පිරුණු කුණු ගොඩක් වන් තම සිරුරේද අන් සිරුරු වලද ආදීනව දකින්න..

මොහොතක් පාසා නැති වන සිතට ඇලුම් කිරීමේ ආදීනවය දකින්න...

 පහාණ සංඥා...

අනිත් වූ අනාත්ම වූ අසුභ වූ එබැවින්ම ආදීනව සහිත වූ සියල්ල ප්රහාණය කල යුතුය... සියල්ල තුල ප්රහාණය දැකිය යුතුය...

විරාග oඥා...

අනිත්,අනාත්මය, අසුභය, ආදීනවය දකිනා විට සිත ඉබේම විරාගී වේ. කිසිවකම නො ඇලේ.. නො ගැටේ.. උපේක්ෂක වේ.. නොසෙලවේ.. ස්ථිර වේ... දැඩි වේ.. කිසිවකින් නොසැලේ...

නිරෝධ සඥා..

සිත නො ඇලෙන විට කාමච්චන්ද පහ වේ... නො ගැටෙන විට ව්යාපාද පහ වේ..

පංච නීවරණ පහ වී සමාධිය පිහිටයි.. සමාධිය තුලද අනිත්, අනාත්මය, අසුභය, ආදීනවය දකිනා විට සමාධි සුවයටද විරාගී වේ..

තුලින් සමාධියද අත හැරී සිත නිරෝධයට පත් වේ..

 සබ්බ ලෝකේ අනභිරත සංඥා

 සියලු ලෝකය කෙරෙහි නොඇලෙයි

 සබ්බ සංඛරෙසු අනිච්ච සඥා

සියලු සංස්කාර ධර්ම, සිතුවිලි, චේතසික ධර්ම අනිත් ලෙස දකී

ආනාපානසති..

හුස්ම තුල පවා අනිත් දකී..

මේ oඥා ටික දුටුවොත් සදහටම සියලු සංඥා වලින් මිදේ..

කිසිවෙකු නොදෙන සඥා නොව විශ්වය නිරතුරුවම දෙන මෙම දස සංඥා දකින්න...

සියලු සංඥා වලින් සිග්නල් වලින් මිදෙන්න....




 

 

 

 

 

 

Comments