මුචලින්ද නා රජු නිසා උපන් ප්‍රීති වාක්‍ය The Joyful Word Born of the Naga King Muchalinda नाग राजा मुचलिंडा के खुशी भरे शब्द
මුචලින්ද නා රජු නිසා උපන් ප්‍රීති වාක්‍ය
ඉක්බිති භාග්යවතුන් වහන්සේ සත් දවසක් ඇවෑමෙන් ඒ ඵලසමවතින් නැඟිට අජපල් නුගරුක්මුලින් මිදෙල්ලරුක වෙතට වැඩි සේක. වැඩ, මිදෙල්ලරුක්මුල්හි සත් දවසක් මුළුල්ලෙහි ඵලසමවත් සුවය විඳින සේක් එක ම පර්‍යංකයෙන් වැඩ හුන්සේක. එකල්හි මහත් වූ නොකල්වැස්සෙක් පහළ වී ය. සීතසුළං වළාවෙන් වැලලි වූ හද්දාවැස්සෙකි (හත් දවසක් වසින වැස්ස). ඉක්බිති මුචලින්‍ද නා රජ තෙමේ ස්වකීය භවනයෙන් නික්ම භාග්යවතුන් වහන්සේගේ සිරුර සත්වරක් දරණවැලින් හාත්පසින් වට කොට “ශීතය භාග්‍යවතුන් වහන්සේ නො පෙළාවා. උෂ්ණය භාග්යවතුන් වහන්සේ නො පෙළාවා. ඩැහැ ලේ බොන මැසි මදුරු සුළං අවු සර්‍ප යන මොවුන්ගේ ස්පර්ශය භාග්යවතුන් වහන්සේ නො පෙළාවා” යි හිස මුදුනෙහි මහත් පෙණයක් කොට සිටියේ ය. ඉක්බිති මුචලින්‍ද නා රජතෙමේ සත්දවසක් ඇවෑමෙන් පහ වූ වළාපටල ඇති පැහැදිලි අහස (ඇති බව) දැන භාග්යවතුන් වහන්සේගේ සිරුරෙන් දරණවෙළුම් හැර සියවේසය අතුරුදහන් කොට “තරුණ මිනිස් වෙසක්” මවාගෙණ බුදුරජුන්ගේ ඉදිරියෙහි ඇඳිලි බැඳ භාග්යවතුන් වහන්සේ වඳිමින් සිටියේ ය. ඉක්බිති භාග්යවතුන් වහන්සේ මේ කාරණය දැන එවේලෙහි මේ ප්රීතිවාක්යය පහළ කළසේක: සුඛො විවෙකො තුට්ඨස්ස සුතධම්මස්ස පස්සතො අබ්යාපජ්ජං සුඛං ලොකෙ පාණභූතෙසු සංයමො “නිවණ නම් වූ උපධි විවේකය සැප වේ. චතුර්මාර්ගඥාන සන්තෝෂයෙන් යුත්, ප්රකට වූ දහම් ඇති, ඒ උපධි විවේකය නුවණ නැමැති ඇසින් දක්නහුට නො කිපීම සැප වේ. ලෙව්හි සතුන් කෙරෙහි හිංසා නො කිරීම සැප වේ."
සුඛා විරාගතා ලොකෙ කාමානං සමතික්කමො අස්මිමානස්ස යො විනයො එතං වෙ පරමං සුඛං “ලෝකයෙහි නො ඇලීම, වස්තු-කාම ක්ලේශකාමයන්ගේ ඉක්මවීම සැප වේ. අස්මිමානයාගේ යම් වැනසීමෙක් වේ ද මෙය ඒකාන්තයෙන් උතුම් වූ සැපය වේ.”
The Joyful Word Born of the Naga King
Muchalinda
________________________________________
Then, after seven days, the Blessed One arose from that fruitful state and went from the Ajapal Nugarukmul to Midellaruka. He remained there for seven days, enjoying the fruitful state, and he continued to walk in the same direction. At that time, a great unseasonable rain arose. It was a heavy rain (a seven-day rain) covered with cold wind and clouds. Then King Muchalinda Na left his palace and wrapped the Blessed One’s body seven times with a garland of flowers, saying, “May the Blessed One not be affected by cold. May the Blessed One not be affected by heat. May the Blessed One not be affected by the touch of flies, mosquitoes, wind, or snakes.” Then King Muchalinda Na, knowing that after seven days the sky was clear and the clouds had disappeared, removed the garlands from the Blessed One’s body, removed all the garlands, and, having become a “young human being,” stood before the Buddha, bowing down to the Blessed One. Then the Blessed One, knowing this, uttered this blissful statement: “Blissful is the state of rest called Nibbana. Blessed is the state of rest, endowed with the fourfold path of knowledge, endowed with the well-known Dhamma, who sees that state of rest with the eye of wisdom, not to be angry. Blessed is the non-harming of living beings.” Sukha viragatha loke kamanam samatikkamo asmimanassa yo vinayao etang ve paraman sukha “Blissful is the non-attachment to the world, the transcendence of material desires, defilements, and desires. Whatever is the destruction of the unattached, this is the supreme bliss.”
नाग राजा मुचलिंडा के खुशी भरे शब्द
________________________________________
फिर, सात दिन बाद, भगवान उस उपजाऊ अवस्था से उठे और अजपाल नुगारुकमुल से मिडेलारुका गए। वे सात दिन तक वहीं रहे, उपजाऊ अवस्था का आनंद लेते हुए, और उसी दिशा में चलते रहे। उस समय, बेमौसम बहुत तेज़ बारिश हुई। यह बहुत तेज़ बारिश थी (सात दिन की बारिश) जो ठंडी हवा और बादलों से ढकी हुई थी। तब राजा मुचलिंडा ना अपने महल से निकले और भगवान के शरीर को सात बार फूलों की माला पहनाते हुए कहा, “भगवान को ठंड न लगे। भगवान को गर्मी न लगे। भगवान को मक्खियों, मच्छरों, हवा या साँपों के छूने से कोई असर न हो।” तब राजा मुचलिंडा ने, यह जानकर कि सात दिनों के बाद आसमान साफ़ हो गया है और बादल छंट गए हैं, भगवान के शरीर से मालाएँ उतार दीं, सारी मालाएँ उतार दीं, और एक “युवा इंसान” बनकर, बुद्ध के सामने खड़े होकर, भगवान को प्रणाम किया। तब भगवान ने, यह जानकर, यह खुशी भरी बात कही: “सुखद है आराम की वह अवस्था जिसे निब्बान कहते हैं। धन्य है आराम की वह अवस्था, जो ज्ञान के चतुर्भुज मार्ग से संपन्न है, जाने-माने धम्म से संपन्न है, जो उस आराम की अवस्था को ज्ञान की नज़र से देखता है, गुस्सा नहीं करता। धन्य है जीवों को नुकसान न पहुँचाना।” सुख विरागथा लोके कामनां समतिक्कमो अस्मिमनस्स यो विनयो एतंग वे परम सुख “दुनिया से अनासक्ति, भौतिक इच्छाओं, बुराइयों और इच्छाओं से परे होना ही आनंदमय है। जो भी अनासक्त का नाश हो, वही परम आनंद है।”

Comments
Post a Comment