Posts

සාධුකාර දීමේ අනුසස් - Buddha's Vision Excells all Others

Image
  සාධුකාර දීමේ අනුසස් සැවැත් නුවර විසූ එක් රූමත් කාන්තාවකගේ සැමියා තථාගතයන් වහන්සේගෙන් බණ අසා ගිහිව සිට මේ ධර් ‍ මය අනුව නො පිළිපැදිය හැකිය යි සිතා විහාරයට ගොස් එක්තරා පිණ්ඩපාතික තෙරනමක් සමීපයෙහි පැවිදි විය . පසේනදී කොසොල් රජතුමා අස්වාමික වු ඒ කාන්තාව ස්වකීය අන්තඃපුරයටගෙන්වා ගත්තේ ය . දිනක් රජතුමා නිලුපුල් මල් මිටියක් ගෙන අන්තඃපුරයට පිවිස එක් ස්ත් ‍ රියකට එක මල බැගින් දුන්නේ ය . ඒ කාන්තාවට මල් දෙකක්ම ලැබුණේය . ඕ ඉමහත් ප් ‍ රීතියකින් එ මල් ගෙන සිප මුවින් මානෙල් මල් සුවඳ විහිදෙන ඇගේ සැමියා සිහි වී හැඬුවා ය . රජතුමා ඇගේ ක් ‍ රියාව දැක ඇය ගෙන්වා කරුණු විචාළේය . මේ තොමෝ මුවින් මානෙල් මල් සුවඳ විහිදෙන ඇගේ පුරාණ සැමියා සිහි වී හැඬු බව රජුට දැන්වූවා ය . රජුට එය නොපිළිගත හැකි විය . දෙතුන් වරක් ඇසූ කී නමුත් රජු එය විශ්වාස නොකළේ ය . රජතුමා ඇගේ කීම විමසනු පිණිස පසු දින සියලූ ම සුවඳ වර්ග රජගෙයින් ඉවත් කරවා අසුන් පනවා බුදුපාමොක් මහසඟන වැඩම කරවා දන් දී ස්ත් ‍ රීයගෙන්

YASHODARA - LORD BUDDHA'S LAY LIFE CONSORT WHO IS AN EXAMPLE TO ALL WOMEN IN MANKIND ( යශෝධරා නම් බොසත් පතිනිය...)

Image
යශෝධරා නම් බොසත් පතිනිය... YASHODARA - LORD BUDDHA'S LAY LIFE CONSORT WHO IS AN EXAMPLE TO ALL WOMEN IN MANKIND  මෙසේ ඒ ය‍ශොධරා සථවිරින් වහන්සේ අනේකප්‍රකාර කථාවෙන් සසර තමන් වහන්සේ ගේ පෑ විශ්වාසය මතු කරවා බුදුන් අතින් අවසර ඉල්වු වේලෙහි, බුදුරජාණන්වහන්සේ  උන්වහන්සේ තමන් වහන්සේ ට සංසාරයෙහි කළාවු බොහෝ උපකාර හා අපරිමිතවු ගුණ දැක     “මේ යශෝදරාව වැනි පින්වත් ස්ත්‍රියක් මාගේ බුද්ධෝත්පාදයෙහි නැත. දැන් මැය අසංඛ්‍යය ගණන් කල්ප වල  ජාති දක්නා නුවණ ඇත්තීය. අන්‍යන්ට අසමාන වු දිවස් ඇත්තිය. විශෙෂ වු දිවකන් ඇත්ති ය.නසන ලද ආශ්‍රවයන් ඇත්ති ය. ත්‍රිවිදයාවෙහි මුදුන් පැමිණියා ය. බුදුන්ට අනු වු ඍද්ධිප්‍රාතිහාර්ය  ඇත්තී ය. තමා රහත් වු දවස් පටන් බුදුන් කෙරෙහි කළ මහත් වු ආදර හා බහු මානයෙන් පෘථග්ජන මෙහෙණින්නක් සේ නිහතමාන ගුණයෙන් තමන්ගේ සෘඩ් බලයක් නො දක්වා විසුවාය.එසේ හෙයින් මැගේ පෙළහර බල දුටුවෝ නැත. අනාගතයේ ලෝකවාසීහු රාහුල ම‍ාතාවෝ නම් කෙසේ වු කෙනෙක්ද? රහත් වූ කෙනෙක්ද? රහත්නොවූ කෙනෙක්ද? යි සැක උපද වන්නාය.අනාගත සත්ත්වයන්ට උපදනා ඒ සැක දුරු කරවා මැගේ ඍද්ධිබල වික්‍රම හා පූර්ව චරිතය මැ ලවා ම කියවා  , මෑගේ ගුණ අනාග