Posts

මෙලොව පරලොව දෙකට යහපත පිණිස පවත්නා කරුණු Things that are beneficial for both this world and the next world ऐसी चीज़ें जो इस दुनिया और अगली दुनिया दोनों के लिए फ़ायदेमंद हैं

Image
මෙලොව   පරලොව   දෙකට   යහපත   පිණිස   පවත්නා   කරුණු කෝලිය රාජ පුත් ‍ ර ‍ යා මෙලොව පරලොව දෙකට යහපත පිණිස පවත්නා කරුණු බුදුන් වහන්සේගෙන් විමසා සිටියේ ය .  එවිට භාගය  වතුන් වහන්සේ , උට්ඨානසම්පදාය ආරක්ඛසම්පදාය කල්‍යාණමිත්තතාය සමජීවිකතාය යනුවෙන් මෙලොව යහපත පිණිස පවත්නා කරුණු සතරක් ඇති බව වදාළ සේක. උට්ඨාන සම්පදා යනු ගොවිකමින් හෝ වෙළඳාමෙන් හෝ ශිල්පයකින් හෝ ශාස්ත්‍ර‍යකින් හෝ රාජකාරියකින් හෝ ජීවත්වන තැනැත්තාගේ තමා කරන ඒ කටයුත්ත නුවණින් යුක්ත ව දක්ෂ ව අනලස ව කරන බව ය. ආරක්ඛ සම්පදා යනු දෙමාපියාදීන්ගෙන් අයිතිවීමෙන් හෝ තමාගේ වීර්යයෙන් උපයා ගැනීමෙන් හෝ තමාට අයත් වී තිබෙන වස්තුව රජුන් විසින් සොරුන් විසින් සතුරන් විසින් පැහැර නො ගන්නා පරිදි විනාශ නො කරන පරිදි ගින්නට දියට වේයන්ට මීයන්ට හසු වී විනාශ නොවන පරිදි ආරක්ෂා කරන බව ය. කල්‍යාණ මිත්තතා යනු ශ්‍ර‍ද්ධා, ශීල, ප්‍ර‍ඥාදි ගුණ ධර්මයන්ගෙන් යුත් සත්පුරුෂයන් ආශ්‍ර‍ය කරන බව ය. සමජීවිකතාය යනු ආදායමට වඩා වියදම් වැඩි කර නො ගෙන, ණය ගැති නො වී, පමණට වියදම් කොට දුක් නොවිඳ සමව ජීවිකාව කරන බව ය. සද්ධාසම්පදාය සී...

යමක මහා පෙළහර Yamaka Maha Parahara यमका महा पराहार

Image
    යමක   මහා   පෙළහර   Yamaka Maha Parahara යමක මහා පෙළහර ( යමක මහා   ප්‍රාතිහාරය  ) යනු බුදුරජාණන් වහන්සේ විසින් සජීවීව ප් ‍ රදර්ශනය කළ අසමසම ආශ්චර්යමත් සිදුවීමක් . ධර්ම ග් ‍ රන්ථවල සඳහන් වන පරිදි මෙය බුද්ධත්වයෙන් පසු සිදු කළ වඩාත්ම බලගතු ප් ‍ රාතිහාර්යය ලෙස සැලකෙනවා . යමක මහා පෙළහර යමක මහා පෙළහර සිදු වූයේ සැවැත් නුවර ගණ්ඩම්බ ( ගණ්ඩ ) අඹ ගසක් මුලදීයි . හේතුව සහ පසුබිම විරුද්ධ පාර්ශ්වය : බුදුරජාණන් වහන්සේගේ සමයේදී නිඝණ්ඨ නාථපුත්ත ප්‍රමුඛ වෙනත් ආගමික නායකයන් ( තීර්ථකයින් ) ප්‍රාතිහාර්යයන් කිරීමෙන් වැළකී සිටින ලෙසට ශ්‍රාවකයන්ට උපදෙස් දී සිටියා . පෙළහර සඳහා අභියෝගය : බුදුරජාණන් වහන්සේ ප්‍රාතිහාර්ය කිරීමෙන් වැළකී සිටිය යුතු බවට වූ නීතියක් අනුගමනය කළ නමුත් , උන්වහන්සේට එල්ල වූ අභියෝගය නිසාත් , තමන්ගේ ධර්මයේ සත්‍යතාව තහවුරු කිරීමටත් , යමක පෙළහර දැක්වීමට තීරණය කළා . සුදුසු ස්ථානය : බුදුරජාණන් වහන්සේ ප්‍රාතිහාර්යයක් පාන්නේ ගණ්ඩම්බ නම් අඹ ගසක් මුලදී බවට බුදුව...

Mind Settleing Stories- සිත නිවන කථා ( නිවනේ ස්වභාවය )

Image
 සිත නිවන කථා  ( නිවනේ ස්වභාවය )   ඔබගේ සියලු ක්‍රිකාරකම් වලට සිත ප්‍රධාන වේ .සිතෙහි ඇතිවන සිතිවිලි ඔබගේ මනස ප්‍රධාන කොට ඇත්තේය  මනෝ පුබ්බං ගමා ධම්මා මනෝ සෙට්ඨා මනෝමායා - ධම්ම පදය   ඔබගේ සිතෙහි ඇතිවන රාග , ද්වේශ , මෝහ සියලු සිතිවිලි නිරතුරුවම   ගලායාම ඔබ විසින් භාවනාමය ක්‍රියාවන් තුලින් පාලනය කර  ඔබගේ   මනස බලවත් කර - එසේ සිතිවිලි ඇලිම් සහ ගැටීම වශයෙන් නවතා  සිත  භවයෙන්  භවයට ගමන් කිරීම හෙවත් චිත්ත ප්‍රතිසන්ධිය - ( නැවත  උපත )   නතර කරලීමෙන් ඔබට අප විශ්වයේ හිස් අවකාශය තුල හෙවත්   අවකාශ ලෝකය තුල මනසින් තැම්පත් විය හැකිය (මෙය නිර්වාන ධාතුව )    ලෙස දැක්වේ . එම නිර්වාන සංකයාතය අපගේ කෙලෙස් සහිත සිතට  හෝ  අපගේ කෙලෙස් සහිත සිතට නිරීක්ශනය ( ගෝචර ) නොවේ . මනස  මනස අපට අතින් අල්ලා ගත හැකි හෝ අපගේ ඇසින් දැකිය හැකි පදාර්තමය අංගයක් නොවේ .එය කිසිසේත්ම අපගේ විශ්වය තුල අප සංකයාතයට හසු නොවේ .සුළඟ දැකිය නොහැකි වුවද , සුළඟ ඇති බව අප සිතට දැනේ . මනසද සිතට දැනෙන අංගයක් පමණි . එය අපගේ විශ්ව ශ...

භාරතයේ අනෝමා නදියෙන් ඉහළට ගිය සිද්ධාර්ථ තාපසතුමාගේ පාත්‍රයේ ධාතුව The relic of the bowl that Hermit Siddhartha , which went up stream of River Anoma in Bharath साधु सिद्धार्थ द्वारा रखे गए कटोरे का अवशेष, जो भारत में अनोमा नदी की धारा में ऊपर चला गया था

Image
  සිදුහත් තවුසාණන්ගේ  උඩුගම් බලා ගිය   පාත්‍ර    ධාතුව . The relic of the bowl that Hermit Siddhartha , which went up stream of River Anoma in Bharath  साधु सिद्धार्थ द्वारा रखे गए कटोरे का अवशेष, जो भारत में अनोमा नदी की धारा में ऊपर चला गया था සුජාතා සිටු දේවිය පූජා කළ කිරිපිඬු වැළදූ බෝසතාණන් වහන්සේ ඉන් නැඟී සිට රන්   පාත්‍රය    අතින්ගෙන නදිය වෙත ගොස් " අද මාගේ බලාපොරොත්තුව වන සම්බුද්ධත්වය සාක්ෂාත් වීම නිසැකයෙන් සිදුවන්නේ නම් මේ රන්   පාත්‍රය    උඩුගම්බලා යේවා " යි අදිටන් කොට ගඟෙහි දැමූහ . ඒ මොහොතේ සිදු වූයේ අසිරිමත් සිදුවීමකි . පහළට ගලන ගඟ දියෙහි රන් තලිය උඩුගම් අතට පාවී ගොස් දිය සුළියකට මැදිව ගඟෙහි ගිලී ගියේය . එය දුටු බෝසතුන් තුළ මහත් සතුටක් ඇති විය . රන් තළිය ගඟ මැදින් අසූ රියනක් උඩුගම් බලා ගොස් එක්වරම දිය සුළියකට හසු වී දියේ ගිලී කාල නාග රාජ භවනට ගොස් , මීට පෙර බුද්ධත්වයට පත් වූ බුදුරජාණන් වහන්සේලා තුන්නමකගේ රන් තළි වලට උඩින් මිහ...