Posts

බුදුගුණ අනන්තයි -බුදුරජාණන් වහන්සේ කෙනකුගේ වර්ණනාව කල්පයක් මුළුල්ලෙහි බුදු මුවකින් ප්‍රකාශ කලත් , අවසානයක් දකින්නට නො හැකි වේ

Image
  කල්පය ගෙවී යතත් බුදුගුණ වැනුම ප්‍රකාශ කරලා අවසානයක් දකින්නට නො හැකි වේ බුදුරජාණන් වහන්සේ නමක් විසින් බුදුරජාණන් වහන්සේ කෙනකුගේ වර්ණනාව කල්පයක් මුළුල්ලෙහි බුදු මුවකින් ප්‍රකාශ කරන්නේ වී වුවත්, කල්පය ගෙවී යතත් බුදුගුණ වැනුම ප්‍රකාශ කරලා අවසානයක් දකින්නට නො හැකි වේ යන්න බුද්ධ දේශනාව යි. එපමණට ම බුදුගුණ අනන්තයි. බුද්ධ ගුණය අසීමිත යි. අචින්ත්‍ය යි කියන කරුණ තමා එයින් අර්ථවත් වන්නේ. තිවිධො බුද්ධවණ්ණො නාම, චරියවණ්ණො, සරීරවණ්ණො, ගුණවණ්ණො ‘ති යනුවෙන් අටුවාචාරින් වහන්සේ විසින් මේ වර්ණනාව පිළිබඳ පැහැදිලි කර තිබෙනවා. මේ කියැවෙන වර්ණනා තුන තමා බුදුරජාණන් වහන්සේ නමකගේ චරිතය පිළිබඳ කියැවෙන වර්ණනාව, බුද්ධ ශරීරශෝභාව පිළිබඳ කෙරෙන වර්ණනාව හා බුද්ධ ගුණය පිළිබඳ කෙරෙන වර්ණනාව. බුද්ධ චරිතය පිළිබඳ සමස්ත ලෝකයේමත් පළ වී ඇති පොතපත පමණක් ගෙන බැලුවත් කොපමණ ග්‍රන්ථ සංඛ්‍යාවක් ලියැ වී තිබෙනවා ද කියන කරුණ හිතන කොටමත් මේ කරුණ පැහැදිලි වෙනවා. එපමණක් නොව මෙම ලියවීමේ අවසානයක් නැහැ. අදත්, මේ දැනුත් විවිධ පර්යේෂකයන්, විද්වතුන් සමස්ත ලෝකයේමත් මේ අසිරිමත් බුද්ධ චරිතයේ ස්වභාවය ගැන නොයෙක් පර්යෂේණ, වාද සංවාද කරනවා, ලියනවා. මේ

ආනන්තර්‍ය පාපකර්ම විපාක දීමේ පිළිවෙල - See How Major Turbulant Actions Re Act on You

Image
  ආනන්තර්‍ය පාපකර්ම විපාක දීමේ පිළිවෙල  උතුම් ධර්ම දානමය කුසළය හේතුවෙන් ඔබ නොදන්නා දේ දැන දැක ගැනීම පිණිස හේතු වේවා   මව මැරීම, පියා මැරීම, රහතුන් මැරීම, බුදු සිරුරෙන් ලේ සෙලවීම, සංඝ භේදය යනුවෙන් ආනන්තර්‍ය පාපකර්ම පහක් තියෙන බව අපි දැනටමත් දන්නවා. මේවායින් ප්‍රභලම කර්මය වන්නේ සංඝභේද කර්මයයි. ඉන් පසු පිළිවෙලින් බුදු සිරුරෙන් ලේ සෙලවීමේ කර්මය, රහතුන් මැරීමේ කර්මය සහ අවසානයට මව්පියන් ඝාතන කර්ම වෙනවා.   යම් කෙනෙක් මෙම ආනන්තර්‍ය පාපකර්ම පහම කළොත් මීළඟ භවයේ ප්‍රතිසන්ධිය සඳහා පළමුවෙන්ම විපාක දෙන්නේ සංඝභේද කර්මයයි. සංඝභේද කර්මය කර නැත්නම් මීළඟට විපාක දෙන්නේ බුදු සිරුරෙන් ලේ සෙලවීමේ කර්මයයි. එයත් කර නැත්නම් මීළඟට විපාක දෙන්නේ රහතුන් මැරීමේ කර්මයයි. එයත් කර නැත්නම් මීළඟට මව්පියන්ගෙන් වඩාත් සිල්වත් මව නම් මව මැරීමේ කර්මයද, වඩාත් සිල්වත් පියා නම් පියා මැරීමේ කර්මයද වෙනවා. මව සහ පියා සිල්වත් බවින් හෝ දුසිල්වත් බවින් එක හා සමාන නම් පළමුවෙන් විපාක දෙන්නේ මව මැරීමේ කර්මයයි.  ආනන්තර්‍ය පාප කර්ම පහම හෝ කිහිපයක් කර ඇති කෙනාට මේ පිළිවෙලින්  එක් කර්මයකින් නිරයේ ප්‍රතිසන්ධිය ලබා දී අනිත් කර්ම අහෝසි වී යනවා.

තථාගත බුදුරජානන් වහන්සේගේ දස බලයන් - The Special Powers of Lord Buddha

Image
බුදුරජාණන් වහන්සේ දස බලධාරී වන සේක   ( තථාගත බුදුරජානන් වහන්සේගේ දස බලයන් )  මහා සීහනාද සුත්‍රයේ මෙසේ දැක්වෙන තථාගතයාණන් වහ්න්සේ තුල අභීත වූ , අසාමාන්‍ය වූ , අතුල්‍ය වූ , විශාරද වූ ගම්භීර වූ බලයන් දහයක් ඇති බවත් , ඒවා තථාගත බල බවත් , භාග්‍යවතුන් වහන්සේ සාරිපුත්‍ර තෙරුන් වහන්සේට දේශනා කල සේක. එම තථාගත බලයන් හි පිහිටා ලෝකයා හට සත්‍ය ප්‍රකාශ කරන විට එය සියලු සතුන්ගේ නාදය අභිබවා යන සිංහනාදයක් වැනි බවත් , සියලු දේශනා ක්‍රම අභිබවා යන බ්‍රහ්ම චක්‍රයේ ප්‍රවර්තනයක් බවත් භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. දස ඛෝ පතිමානි සාරිපුත්ත තථාගතස්‌ස තථාගතබලානි යෙහි බලෙහි සමන්නාගතෝ තථාගතෝ ආසභං ඨානං පටිජානාති, පරිසාසු සීහනාදං නදති, බ්‍රහ්මචක්කං පවත්තෙති ” – මහාසීහනාද සුත්‍රය – තථාගතයන් වහන්සේ සතු අන් කිසිවකුට නැති ඥාන බල දහයක් ඇත්තේ ය. ඒ බලයන්ගෙන් යුක්ත බැවින් තථාගතයන් වහන්සේ ලෝකයෙහි උත්තම ස්ථානයට පැමිණි සිටින සේක. අභීත සිංහනාද පවත්වන සේක. බ්‍රහ්මචක්‍ර නම් වු උත්තම ධර්‍මචක්‍රය පවත්වන සේක. තථාගතයාණන් වහන්සේගේ ඒ දසබල ඤාණ දහය නම්, 1. ඉධ සාරිපුත්ත, තථාගතෝ ඨානඤ්ච ඨානතෝ අට්‌ඨානඤ්ච අට්‌ඨානතෝ යථාභූතං පජානාති ශාරිපුත්‍රය,

බුදුන්වහන්සේ හෝ බුදුසසුන ගැන කතාකිරීමේදී ප්‍රවේසම් වන්න - Be careful when you are Speaking about Buddha or his deciples since your specch might bring you sorrow for ever

Image
බුදුන්වහන්සේ හෝ බුදුසසුන ගැන කතාකිරීමේදී ප්‍රවේසම් වන්න  අද සමහර බෞද්ධයෝ , කර්ම විපාක ගැන අවබෝධයක් නැතිකම නිසාම කට වරද්දගෙන අමාරුයි වැටෙනවා ... මේ කතාවත් එහෙම කට වරද්දගෙන අමාරු වැටිච්ච කතාවක් . ධර්මය හරියට අවබෝධයක් නැති බෞද්ධයෝ , සංඝරත්නයට - සම්මා ගඩොල් , සම්මා කන්ට් ‍ රක්ෂන් , යැයි කියමින් ද , බුදුරජාණන් වහන්සේ උදෙසා හදන සෑ රජාණන් වහන්සේලා ට ගඩොල් ගොඩවල් යැයි කියමින් ද , වචනයෙන් බොහෝ අකුසල් රැස් කර ගන්නවා .. මේ වගේ විපාක මොන වගේ වේවිද ?? භාග් ‍ යවතුන් වහන්සේ අප කෙරෙහි කරුණාවෙන් මේ කර්ම විපාක වල ස්වභාවය පෙන්නලා දුන්නා .. ඒ වගේ රහතන් වහන්සේලාත් කර්ම විපාකවල ස්වභාවය පෙන්නලා දුන්නා .. මුගලන් මහරහතන් වහන්සේ අපායට , දිව් ‍ යලෝකෙට ගිහින් ඒ කර්ම විපාක ලෝකෙට එළි කලා .. මේ කර්මවිපාක ලෝකයාට එළිකරන්නේ අනුකම්පාවෙන්මයි .. සිත කය වචනය සංවර කරගෙන සතර අපායෙන් ගැලවිලා නිවන් දකින්න මාර්ගය හදලා දෙන්නයි කර්මවිපාකවල ස්වභාවය අපිට පෙන්නලා දුන්නේ .. සමහරු හිතනවා බුදුරජාණන් වහන්සේට , බුද්ධ පූජාවට ,

මාගේ සම්‍යක් සම්බුදු රජාණන් වහන්සේගේ උතුම් ඟුණ බෙලෙන් යහපතක්ම වේවා . May the Power of Buddha Bless out Nation aginst further Calamities

Image
  මාගේ සම්‍යක් සම්බුදු රජාණන් වහන්සේගේ උතුම් ඟුණ බෙලෙන් යහපතක්ම වේවා  මාගේ භාග්‍යවතුන් වහන්සේ ජාතිමාණ පුණ්‍යමාන බලමාන ප්‍රඥාමාන සෘද්ධි මානදී අනේකවිධ මානයෙන් උඬඟු වූ දමනය කිරීමට දුෂ්කර වූ මනුෂ්‍ය දිව්‍ය බ්‍රහ්ම යක්ෂ රාක්ෂ රාජාදීන් දමනය කරන හෙයින් සත්ත්වයන් දමනය කරන්නවුන් අතුරෙන් අග්‍ර වූ සේක  සාමාන්‍ය මනුෂ්‍යයෙකුගේ කෙස්, ලොම්, නිය, දත් මේවා පූජනීය ද? මේවා පිළිකුල් දේවල්. සමාන්‍ය මනුෂ්‍යයෙකුගේ මිනී අළු ටිකක්, මීනි ඇටකටු ටිකක් යම් ඉඩමක දැම්මොත් හූනියමක් මහා විපතක් හැටියටයි සලකන්නේ. ලේ, මස්, ඇට, නහර වලින් ම සැදුම් ලද්දා වූ තථාගතයාන් වහන්සේගේ ශරීරය කෙසේද පූජනීය වූනේ ? උන් වහන්සේගේ මහා ප්‍රඥාව, අනන්ත කරුණා මෛත්‍රීය ආදී ගුණයන් පූජනීය වුණා. ඒ ගුණයන් ස්පර්ශ වූ ලේ ධාතුවත්, මාංශත්, කෙස්, දත්, අස්ථි සියල්ලක්ම පූජනීය යි. ඒ කය ස්පර්ශ වූ චීවරය පවා පූජනීය වුණා. ඒ චීවරය සහිත ශරීරය ස්පර්ශ වූ උන් වහන්සේ වැඩ සිටි අසුන පූජනීය වුණා. උන් වහන්සේ ඇසුරු කළා වූ බෝධීන් වහන්සේ, දන් වැළදූ පාත්‍රය ද පූජනීය වුණා. උන් වහන්සේ යම් දිශාවක වැඩ සිටියා ද, යම් භූමියක් ස්පර්ශ කළා ද ඒ භූමියේ වැලි දූවිලි පවා සදා වන්දනීය, පූජනීය

ස්තූති පූජාව සහ ස්තූති පූජාවේ අනුසස් - The Results of Thanking and Parising Lord Buddha

Image
  ස්තූති පූජාව සහ ස්තූති පූජාවේ අනුසස්   මල්, පහන්, සුවඳ දුම්, සුවඳ සුණු, සුවඳ පැන්, සුවඳ දෑ, ආහාර-පාන-වස්ත්‍ර යන ආදී මනුෂ්‍යයන් කැමැති වන දෙයකි. ඇතැම්හු මිල මුදලට වඩා ස්තුතියට කැමැත්තෝය. ඔවුන් ගෙන් මුදලක් දී කරවා ගත නොහෙන වැඩක් ස්තුතියෙන් කරවා ගත හැකිය. ස්තුතියෙන් සැමදෙනා ම සතුටු කරවිය හැකි ය. සතුටු වන දෙයක් වන ස්තුතිය ද පූජා කළ යුතු දෙයකි. රජුන් සතුටු කරවා ඔවුන්ගෙන් ප්‍රයෝජන ලබනු කැමැත්තෝ රජුන් ඉදිරියේ ඔවුන්ගේ ගුණ ගී ගයා ඔවුනට ස්තුතිය පිරිනමති. දෙවියන්ගෙන් උපකාර ලබනු කැමැත්තෝ දේවාලයකට ගොස් ස්තෝත්‍ර නාමයෙන් හඳුන්වන ශ්ලෝක කවි හා කන්නලව් නමින් හඳුන්වන වාක්‍යයන් ද කියමින් දෙවියන්ට ස්තුති පූජා කරති. ඇතැම්හු ස්තුති ගීතිකා ස්තුති වාක්‍යය පත් වල ලියා හෝ මුදණය කරවා උසස් අයට හා හිතවතුන්ට පිරිනමති. එසේ කරන්නේ මේ ස්තුතිය හැමදෙනම කැමති වන්නක් බැවිනි. රාජාදී සෑමදෙනාම කැමති වන උසස් අයට පිරිනමන ඒ ස්තුතිය මල් පහන් සුවඳ ආදිය සේ රත්නත්‍රයට පූජා කිරීමට ද සුදුසු ය. එබැවින් ඇතැම්හු ලොවුතුරා බුදුවරයන් කෙරෙහි පැහැද උන්වහන්සේලා ඉදිරියේ ගාථා කියා උන්වහන්සේලාට ස්තුති පූජා කළහ. වැඳීම මල් පහන් ආදියෙන් පිදීම පිනක

පටාචාරා රහත් තෙරණියගේ කථා වස්තුව

Image
පටාචාරා  කථා වස්තුව  සැවැත් පුර සිටුවරයකු ගේ දුවක් ගෙයි මෙහෙකරුවකු හා රහසින් මිත්‍ර වැ සිට දිනෙක ගෙන යෑ හැකි තරම් ධනයත් ගෙන ඔහු සමග පැන ගොස් ඈත ගමෙක වුසුවා ය.  කල් යෑමේ දී ගර්භණී වූ ඕ තොම දරු ගැබ මේරු කල මා පියන් වෙත යෑමට සැමියාට පෙරැත්ත කළා ය. “අද යම්හ, හෙට යම්හ” යි කිය කියා හෙ තෙම කල් ගත කෙළේ ය  දිනෙක ඕ තොම තමා මා පියන් වෙත ස්වාමියා ගෙන නො යන බව සිතා, ඔහු ගෙයි නැති වේලාවක් බලා අසල් වැසියනට තමා මා පියන් වෙත යන බව කියා, හුදෙකලා ව නික්ම ගියා ය.  ගෙට ආ සැමියා එ පවත් අසා “අහෝ මා නිසා මේ කුල දුව අනාථ වූවා යැ” යි කණගාටුවට පත් ව යුහුව ගොස් ඇයට සම්මුඛ විය. මඟ දී පුත්‍ර ප්‍රසූතිය විය. එ හෙයින් ඒ ස්ත්‍රී කුල ගෙට නො ගොස් සැමියා හා ආපසු ම ආවා ය.  නැවැත දෙවැනි වරෙකත් ගර්භිණී වූ ඕ තොම වදන කාලය ළංව තිබැද්දී පෙර සේ ම මා පියන් වෙත යන අදහසින් නික්මුණා ය. සැමියා ඇය සොයා ගොස් දැක ඇය හා සැවැත් නුවර බලා ගමන් කළේ ය.  එදා රෑද මගදී සිටු දුව පුතකු වැදුවා ය. තද අකල් වැස්සට ද ඔහු අසු වූහ. “ස්වාමීනි, නො තෙමී ඉන්නට තැනක් පිළියෙළ කළ මැනැවැ” යි ස්ත්‍රිය විසින් කියන ලද යථෝක්ත පුරුෂ තෙම පඳුරක් දැක එහි ගොස් අත තුබුණ කැ