Posts

ධර්ම භාණ්ඩාගාරික ගෞතම බුදුරජාණන් වහන්සේගේ අග්‍ර උපස්ථායක ආනන්ද මහ රහතන් වහන්සේ.

Image
  ධර්ම භාණ්ඩාගාරික ගෞතම බුදුරජාණන් වහන්සේගේ අග්‍ර උපස්ථායක ආනන්ද මහ රහතන් වහන්සේ. උන්වහන්සේගේ ජීවිත කතාව ආරම්භ වන්නේ පියමතුරා (පදුමුත්තර) බුදුරජාණන් වහන්සේගේ කාලයේදී හංසවතී කියන නගරයේ පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ ඥාතියෙක්ව මේ කුමාරයා ඉපදුනා. ඔහුගේ නම සුමන. මේ සුමන කුමාරයාගේ පියා පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ ප්‍රධාන උපස්ථායකයා යි. දිනක් මේ තරුණ කුමාරයා එක් ප්‍රදේශයක කැරැල්ලක් මැඩ පවත්වන්නට ගොස් එය ජයග්‍රහණය කොට නැවත පැමිණියා. ඒ කුමාරයාගේ පියා සතුටට පත්වෙලා ඔහුට කීවා ‘ඔබ කැමැති වරයක් ඉල්ලන්න’ කියා. එවිට කුමාරයා කියනවා ‘පියාණෙනි මට තථාගතයන් වහන්සේ ඇතුළු භික්ෂු සංඝයාට මාස තුනක් උපස්ථාන කිරීමට අවස්ථාව ලබාදෙන ලෙස. පියා එයට එකඟ, නො වූ නිසා දෙදෙනාම පදුමුත්තර බුදුරජාණන් වහන්සේ බැහැ දැකීමට ගියා. එවෙලෙහි බුදුරජාණන් වහන්සේ ගන්ධකුටියේ වැඩ සිටියේ. උන්වහන්සේගේ උපස්ථායක භික්ෂුව සුමන නම් වූවා. උන්වහන්සේ මුණගැසී කුමාරයා තමන්ගේ අවශ්‍යතාවය පවසා සිටියා. ’එසේනම් ටිකක් ඉන්නයැයි’ පවසා ඒ හිමියෝ එතැනින් පොළොවේ ගිලිලා තථාගතයන් වහන්සේ සිටි තැනින් මතු වුණා. භාග්‍යවතුන් වහන්සේට කියනවා ‘ස්වාමිනි රජුගේ පුත්‍රයා...

බුදුගුණ අනන්තයි -බුදුරජාණන් වහන්සේ කෙනකුගේ වර්ණනාව කල්පයක් මුළුල්ලෙහි බුදු මුවකින් ප්‍රකාශ කලත් , අවසානයක් දකින්නට නො හැකි වේ

Image
  කල්පය ගෙවී යතත් බුදුගුණ වැනුම ප්‍රකාශ කරලා අවසානයක් දකින්නට නො හැකි වේ බුදුරජාණන් වහන්සේ නමක් විසින් බුදුරජාණන් වහන්සේ කෙනකුගේ වර්ණනාව කල්පයක් මුළුල්ලෙහි බුදු මුවකින් ප්‍රකාශ කරන්නේ වී වුවත්, කල්පය ගෙවී යතත් බුදුගුණ වැනුම ප්‍රකාශ කරලා අවසානයක් දකින්නට නො හැකි වේ යන්න බුද්ධ දේශනාව යි. එපමණට ම බුදුගුණ අනන්තයි. බුද්ධ ගුණය අසීමිත යි. අචින්ත්‍ය යි කියන කරුණ තමා එයින් අර්ථවත් වන්නේ. තිවිධො බුද්ධවණ්ණො නාම, චරියවණ්ණො, සරීරවණ්ණො, ගුණවණ්ණො ‘ති යනුවෙන් අටුවාචාරින් වහන්සේ විසින් මේ වර්ණනාව පිළිබඳ පැහැදිලි කර තිබෙනවා. මේ කියැවෙන වර්ණනා තුන තමා බුදුරජාණන් වහන්සේ නමකගේ චරිතය පිළිබඳ කියැවෙන වර්ණනාව, බුද්ධ ශරීරශෝභාව පිළිබඳ කෙරෙන වර්ණනාව හා බුද්ධ ගුණය පිළිබඳ කෙරෙන වර්ණනාව. බුද්ධ චරිතය පිළිබඳ සමස්ත ලෝකයේමත් පළ වී ඇති පොතපත පමණක් ගෙන බැලුවත් කොපමණ ග්‍රන්ථ සංඛ්‍යාවක් ලියැ වී තිබෙනවා ද කියන කරුණ හිතන කොටමත් මේ කරුණ පැහැදිලි වෙනවා. එපමණක් නොව මෙම ලියවීමේ අවසානයක් නැහැ. අදත්, මේ දැනුත් විවිධ පර්යේෂකයන්, විද්වතුන් සමස්ත ලෝකයේමත් මේ අසිරිමත් බුද්ධ චරිතයේ ස්වභාවය ගැන නොයෙක් පර්යෂේණ, වාද සංවාද කරනවා, ලියනවා...

ආනන්තර්‍ය පාපකර්ම විපාක දීමේ පිළිවෙල - See How Major Turbulant Actions Re Act on You

Image
  ආනන්තර්‍ය පාපකර්ම විපාක දීමේ පිළිවෙල  උතුම් ධර්ම දානමය කුසළය හේතුවෙන් ඔබ නොදන්නා දේ දැන දැක ගැනීම පිණිස හේතු වේවා   මව මැරීම, පියා මැරීම, රහතුන් මැරීම, බුදු සිරුරෙන් ලේ සෙලවීම, සංඝ භේදය යනුවෙන් ආනන්තර්‍ය පාපකර්ම පහක් තියෙන බව අපි දැනටමත් දන්නවා. මේවායින් ප්‍රභලම කර්මය වන්නේ සංඝභේද කර්මයයි. ඉන් පසු පිළිවෙලින් බුදු සිරුරෙන් ලේ සෙලවීමේ කර්මය, රහතුන් මැරීමේ කර්මය සහ අවසානයට මව්පියන් ඝාතන කර්ම වෙනවා.   යම් කෙනෙක් මෙම ආනන්තර්‍ය පාපකර්ම පහම කළොත් මීළඟ භවයේ ප්‍රතිසන්ධිය සඳහා පළමුවෙන්ම විපාක දෙන්නේ සංඝභේද කර්මයයි. සංඝභේද කර්මය කර නැත්නම් මීළඟට විපාක දෙන්නේ බුදු සිරුරෙන් ලේ සෙලවීමේ කර්මයයි. එයත් කර නැත්නම් මීළඟට විපාක දෙන්නේ රහතුන් මැරීමේ කර්මයයි. එයත් කර නැත්නම් මීළඟට මව්පියන්ගෙන් වඩාත් සිල්වත් මව නම් මව මැරීමේ කර්මයද, වඩාත් සිල්වත් පියා නම් පියා මැරීමේ කර්මයද වෙනවා. මව සහ පියා සිල්වත් බවින් හෝ දුසිල්වත් බවින් එක හා සමාන නම් පළමුවෙන් විපාක දෙන්නේ මව මැරීමේ කර්මයයි.  ආනන්තර්‍ය පාප කර්ම පහම හෝ කිහිපයක් කර ඇති කෙනාට මේ පිළිවෙලින්  එක් කර්මයකින් නිරයේ ප්‍රතිසන්ධි...

තථාගත බුදුරජානන් වහන්සේගේ දස බලයන් - The Special Powers of Lord Buddha

Image
බුදුරජාණන් වහන්සේ දස බලධාරී වන සේක   ( තථාගත බුදුරජානන් වහන්සේගේ දස බලයන් )  මහා සීහනාද සුත්‍රයේ මෙසේ දැක්වෙන තථාගතයාණන් වහ්න්සේ තුල අභීත වූ , අසාමාන්‍ය වූ , අතුල්‍ය වූ , විශාරද වූ ගම්භීර වූ බලයන් දහයක් ඇති බවත් , ඒවා තථාගත බල බවත් , භාග්‍යවතුන් වහන්සේ සාරිපුත්‍ර තෙරුන් වහන්සේට දේශනා කල සේක. එම තථාගත බලයන් හි පිහිටා ලෝකයා හට සත්‍ය ප්‍රකාශ කරන විට එය සියලු සතුන්ගේ නාදය අභිබවා යන සිංහනාදයක් වැනි බවත් , සියලු දේශනා ක්‍රම අභිබවා යන බ්‍රහ්ම චක්‍රයේ ප්‍රවර්තනයක් බවත් භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. දස ඛෝ පතිමානි සාරිපුත්ත තථාගතස්‌ස තථාගතබලානි යෙහි බලෙහි සමන්නාගතෝ තථාගතෝ ආසභං ඨානං පටිජානාති, පරිසාසු සීහනාදං නදති, බ්‍රහ්මචක්කං පවත්තෙති ” – මහාසීහනාද සුත්‍රය – තථාගතයන් වහන්සේ සතු අන් කිසිවකුට නැති ඥාන බල දහයක් ඇත්තේ ය. ඒ බලයන්ගෙන් යුක්ත බැවින් තථාගතයන් වහන්සේ ලෝකයෙහි උත්තම ස්ථානයට පැමිණි සිටින සේක. අභීත සිංහනාද පවත්වන සේක. බ්‍රහ්මචක්‍ර නම් වු උත්තම ධර්‍මචක්‍රය පවත්වන සේක. තථාගතයාණන් වහන්සේගේ ඒ දසබල ඤාණ දහය නම්, 1. ඉධ සාරිපුත්ත, තථාගතෝ ඨානඤ්ච ඨානතෝ අට්‌ඨානඤ්ච අට්‌ඨානතෝ යථාභූතං පජානාති...

බුදුන්වහන්සේ හෝ බුදුසසුන ගැන කතාකිරීමේදී ප්‍රවේසම් වන්න - Be careful when you are Speaking about Buddha or his deciples since your specch might bring you sorrow for ever

Image
බුදුන්වහන්සේ හෝ බුදුසසුන ගැන කතාකිරීමේදී ප්‍රවේසම් වන්න  අද සමහර බෞද්ධයෝ , කර්ම විපාක ගැන අවබෝධයක් නැතිකම නිසාම කට වරද්දගෙන අමාරුයි වැටෙනවා ... මේ කතාවත් එහෙම කට වරද්දගෙන අමාරු වැටිච්ච කතාවක් . ධර්මය හරියට අවබෝධයක් නැති බෞද්ධයෝ , සංඝරත්නයට - සම්මා ගඩොල් , සම්මා කන්ට් ‍ රක්ෂන් , යැයි කියමින් ද , බුදුරජාණන් වහන්සේ උදෙසා හදන සෑ රජාණන් වහන්සේලා ට ගඩොල් ගොඩවල් යැයි කියමින් ද , වචනයෙන් බොහෝ අකුසල් රැස් කර ගන්නවා .. මේ වගේ විපාක මොන වගේ වේවිද ?? භාග් ‍ යවතුන් වහන්සේ අප කෙරෙහි කරුණාවෙන් මේ කර්ම විපාක වල ස්වභාවය පෙන්නලා දුන්නා .. ඒ වගේ රහතන් වහන්සේලාත් කර්ම විපාකවල ස්වභාවය පෙන්නලා දුන්නා .. මුගලන් මහරහතන් වහන්සේ අපායට , දිව් ‍ යලෝකෙට ගිහින් ඒ කර්ම විපාක ලෝකෙට එළි කලා .. මේ කර්මවිපාක ලෝකයාට එළිකරන්නේ අනුකම්පාවෙන්මයි .. සිත කය වචනය සංවර කරගෙන සතර අපායෙන් ගැලවිලා නිවන් දකින්න මාර්ගය හදලා දෙන්නයි කර්මවිපාකවල ස්වභාවය අපිට පෙන්නලා දුන්නේ .. සමහරු හිතනවා බුදුරජාණන් වහන්සේට , බුද්ධ පූජාව...