Posts

සිඳින්න බැරි පින -කඨින චීවර පූජාව - ANNUAL ROBES OFFERING TO THE DESIPELS OF BUDDHA IS GREAT MERIT

Image
  සිඳින්න බැරි පින  - කඨින චීවර පූජාව කඨින චීවර පූජාව බිස්නස් එකක් කියලා සමහරු කිව්වට.. සිත පහදවාගෙන ආනිසංස දැනගෙන කඨින චීවරයක් පූජා කරනවා නම්, ඒ පින අනුමෝදන් වෙනවා නම්.. ලැබෙන ආනිසංස මෙතෙකයි කියලා කියන්න බෑ.. ❛❛ කඨින චීවර පූජාවක් කලොත්,අනුමෝදන් උනොත්, දෙව් මිනිස් සැප කෙරවල අමා මහා නිවන් සුව ලැබෙනවා.. ❜❜ කියලා අප කෙරෙහි අනුකම්පාවෙන් ලෝකෙට එළි කළෙත් අපගේ ශ්‍රාස්තෲ වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේමයි..   කඨින චීවර පූජාවේ ආනිසංස කොයි තරම්ද කියලා අපට පෙන්නලා දීලා..අපව දුකෙන් නිදහස් කරන්න, භාග්‍යවතුන් වහන්සේට කොයි තරම් අනුකම්පාවක් තිබුනද කියනවා නම්.. දවසක් භික්ෂු සංඝයා 500ක් රැස් කරවාගෙන හිමාලයේ අනවතප්ත විලට වැඩම කරනවා.. ඊට පස්සේ භාගයවතුන් වහන්සේ,අර 500ක් වූ ස්වාමින් වහන්සේලා අමතලා මෙහෙම වදාරනවා..  ❛❛ පින්වත් මහණෙනි,ඔබ වහන්සේලා අතරින් පෙර ජිවිතයක විශේෂ පින්කමක් කරලා තියෙන කෙනෙක් ඉන්නවා නම් ඉස්සරහට ඇවිත් ඒ ගැන කියන්න ❜❜ භාග්‍යවතුන් වහන්සේ දන්නවා, මේ වෙලාවේ එක රහතන් වහන්සේ නමක්  කඨින පිංකමේ ආනිසංස මේ ලෝකෙටම එලි කරනවා කියලා.. ඒ වෙලාවේ ඉදිරියට ආපු "නාගිත" මහාරහතන් වහන...

යසෝදරා හෙවත් භද්දකච්චානා මහ රහත් තෙරනිය

Image
යසෝදරා හෙවත් භද්දකච්චානා මහ රහත් තෙරනිය  ලොව කාන්තා උත්තමාවිය යසෝදරා හෙවත් භද්දකච්චානා මහ රහත් තෙරනිය පිරිනිවන් වැඩීමට පෙර බුදුරජාණන් වහන්සේ ඉදිරිපිට කල පාපොච්චාරණය !! යසෝදරා දේවිය ගැන නොදන්නා බෞද්ධයෙක්‌ සිටිය නොහැක. ඇය අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගිහිව සිටි කාලයේ ඔහුගේ බිසවය. සිදුහත් කුමරුගේ බිසවය. බුදුරජාණන් වහන්සේගේ එකම පුතු රාහුල කුමාරයාගේ මෑණියෝය. ඇයගේ පියාණන් වූයේ සුප්‍රබුද්ධ රජතුමාය. මව වූයේ අමිතා බිසවය. සොහොයුරා දේවදත්තය. බුදුන් උපන් මොහෙතේම උපත ලද යසෝදරා මුලින් හැඳින්වූයේ බිම්බා දේවිය නමිනි. ඒ ඇය බිම්බ රූපයක්‌ මෙන් අතිශය රූපසම්පන්නව වූ නිසාය. පසුව ඇය යසෝදරා නමින් හැඳින්වීය. ඒ ඇය සය අනූලක්‌ෂයක්‌ කාන්තාවන්ගේ අග රැජිණිය දැරූ නිසාය. යසෝදරා යනු යස පිරිවර දරන්නී යන අදහසයි. රහත්වූ පසු ඇය භද්දකච්චානා තෙරණිය වූවාය.  යසෝදරා දහසය වියේදී සිදුහත් කුමරාගේ බිසව වු අතර 29 වියේදී ඇය රාහුල කුමරා බිහි කළාය. එදිනම සිදුහත් කුමරුන් බුදුබව පතා අභිනිෂ්ක්‍රමණය කළ බැවින් ඇයද තපසට යාමට උත්සාහ ගත්තාය. එහෙත් සුද්දෝධන රජතුමා එම අදහසට එරෙහිව කරුණු දක්‌වා ඇයට ගිහිගෙය හැර යා නොහැකි වන සේ මුරකාවල්ද ...

"බක්කුල" මහ රහතන් වහන්සේ - Rev Bakkula of Buddha Sasana

Image
 "බක්කුල" මහ රහතන් වහන්සේ  අතීතයේදී බෙහෙත් පුජා කිරිමේ මහ පිංකම සිදුකරගෙන තිබුණි. (බක්කුල මහ රහතන් වහන්සේගේ චරිත් කතාව වෙනම විස්තර කළ යුතු අතර, මෙතන පිංකමට  අදාළ කරුණ පමණක් කියනු ලැබේ.) බක්කුල මහ රහතන් වහන්සේ අතීතයෙහි බුදුරජාණන් වහන්සේලාගේ ශාසන වල මහා පිංකම් කරගෙන නිවන් සම්පත්තිය අවබෝධ කර ගන්නටම හේතු සම්පත් පුරම්න් ආවේ ය. මෙතුමා අනෝමදස්සී බුදු රජාණන් වහන්සේ පහළ වන විට ධනවත් බමුණෙක් ලෙස උපත ලැබීය. ගිහි ගෙය ගැන කලකිරි ඒ සියල්ල අතහැර හිමාල පර්වතය පාමුල සෘෂි පැවිද්දෙන් පැවිදිව, පංච අභිඥා අෂ්ඨ සමාපත්ති උපදවාගෙන, තවුසෙක් ලෙස එහි අසපුවක වාසය කළේය. මෙතුමාට විශාල ශිෂ්‍ය පිරිසක් සිටියහ. ඒ ශිෂ්‍යයින් සමග අසපුවේ වාසය කරන මෙතුමා අසපුව වටා නික, ඩෙබර, නෙල්ලි, බොරළු දමින (උගුරැස්ස), සුදු නෙඵම්, ආළක, බෙලි, කෙසෙල්, නාරන්, උක්, කුඹුක්, පුවඟු, කොසඔ, සලල, කොළොම්, නුග, හිවුළු, ආදි විවිධ ගස් වර්ග සිටවාගෙන තිබුණි. දිනක් ලෝක නායක අනෝම දස්සී බුදුරජාණන් වහන්සේ ව්වේකයෙන් වැඩ සිටින්නට මෙම අසපුවට වැඩම කළහ. වැඩම කර ටික වේලාවකින් තථාගතයන් වහන්සේට වාතාබාධාවක් ඇති වුණි. වනයේ හැසිරෙමින් සිට් මේ තාපසතුමා භා...

මුදල් වියදම් නොකර නොමිලේ කළ හැකි මහ පින්කම් සියයක්.- Merits you can do without Money

Image
  මුදල් වියදම් නොකර නොමිලේ  කළ හැකි මහ පින්කම් සියයක්. 1) බුදු ගුණ මෙනෙහි කිරීම 2) දම් ගුණ මෙනෙහි කිරීම 3) සඟ ගුණ මෙනෙහි කිරීම 4)අනුන් කළ මහා පින්කම් අනුමෝදන් වීම. 5) නිති පන්සිල් සමාදම්      වීම 6) පන්සිල් කඩ නොකොට රැකීම 7) උදේ සවස බුදුන් වැදීම 8) අට සිල් සමාදන් වී රැකීම 9) නවංග සීලය සමාදන් වීම 10) දස සිල් සමාදම් වීම 11) පසලොස්වක පෝයට සිල් සමාදම් වීම සහ හතර පෝයට සිල් ගැනීම. 12) භාවනා කිරීම හා අනෙකුත් අය ද ඒ සඳහා යොමු කිරීම. 13) ධර්ම දානය ( මුහුණු පොතේ, වෙබ් අඩවියේ ආදියේ ධර්මය බෙදා හැරීම) 14) ධර්මය මුද්‍රණය කර බෙදා හැරීම 15) ධර්මය කියවීම 16) වතාවත් කිරීම ( පන්සලේ ශ්‍රමදානයක් කිරීම ආදිය ) 17) දුගීව සිටද, හැකි පමණින් බුදුරජාණන්වහන්සේ ට දානපති දානයක් පූජා කිරීම (තමා පරිභෝජන කරනවාට වඩා උසස් දෙයක් පූජා කිරීම ) 18) දුගීව සිටද , හැකි පමණින් මහා සංඝරත්නයට දානපති දානයක් පූජා කිරීම (තමා පරිභෝජන කරනවාට වඩා උසස් දෙයක් පූජා කිරීම ) 19) පින් දීම 20) සත්‍ය කථා කිරීම 21) දෙලොවටම වැඩ ඇති වචන කථා කිරීම 22) හිස් වචන කතා නොකිරීම 23) සත්පුරුෂයන් කරනා පින්කම් ප්‍රචාරය කර දීම 24) ගිලා...

ධර්ම භාණ්ඩාගාරික ගෞතම බුදුරජාණන් වහන්සේගේ අග්‍ර උපස්ථායක ආනන්ද මහ රහතන් වහන්සේ.

Image
  ධර්ම භාණ්ඩාගාරික ගෞතම බුදුරජාණන් වහන්සේගේ අග්‍ර උපස්ථායක ආනන්ද මහ රහතන් වහන්සේ. උන්වහන්සේගේ ජීවිත කතාව ආරම්භ වන්නේ පියමතුරා (පදුමුත්තර) බුදුරජාණන් වහන්සේගේ කාලයේදී හංසවතී කියන නගරයේ පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ ඥාතියෙක්ව මේ කුමාරයා ඉපදුනා. ඔහුගේ නම සුමන. මේ සුමන කුමාරයාගේ පියා පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ ප්‍රධාන උපස්ථායකයා යි. දිනක් මේ තරුණ කුමාරයා එක් ප්‍රදේශයක කැරැල්ලක් මැඩ පවත්වන්නට ගොස් එය ජයග්‍රහණය කොට නැවත පැමිණියා. ඒ කුමාරයාගේ පියා සතුටට පත්වෙලා ඔහුට කීවා ‘ඔබ කැමැති වරයක් ඉල්ලන්න’ කියා. එවිට කුමාරයා කියනවා ‘පියාණෙනි මට තථාගතයන් වහන්සේ ඇතුළු භික්ෂු සංඝයාට මාස තුනක් උපස්ථාන කිරීමට අවස්ථාව ලබාදෙන ලෙස. පියා එයට එකඟ, නො වූ නිසා දෙදෙනාම පදුමුත්තර බුදුරජාණන් වහන්සේ බැහැ දැකීමට ගියා. එවෙලෙහි බුදුරජාණන් වහන්සේ ගන්ධකුටියේ වැඩ සිටියේ. උන්වහන්සේගේ උපස්ථායක භික්ෂුව සුමන නම් වූවා. උන්වහන්සේ මුණගැසී කුමාරයා තමන්ගේ අවශ්‍යතාවය පවසා සිටියා. ’එසේනම් ටිකක් ඉන්නයැයි’ පවසා ඒ හිමියෝ එතැනින් පොළොවේ ගිලිලා තථාගතයන් වහන්සේ සිටි තැනින් මතු වුණා. භාග්‍යවතුන් වහන්සේට කියනවා ‘ස්වාමිනි රජුගේ පුත්‍රයා...

බුදුගුණ අනන්තයි -බුදුරජාණන් වහන්සේ කෙනකුගේ වර්ණනාව කල්පයක් මුළුල්ලෙහි බුදු මුවකින් ප්‍රකාශ කලත් , අවසානයක් දකින්නට නො හැකි වේ

Image
  කල්පය ගෙවී යතත් බුදුගුණ වැනුම ප්‍රකාශ කරලා අවසානයක් දකින්නට නො හැකි වේ බුදුරජාණන් වහන්සේ නමක් විසින් බුදුරජාණන් වහන්සේ කෙනකුගේ වර්ණනාව කල්පයක් මුළුල්ලෙහි බුදු මුවකින් ප්‍රකාශ කරන්නේ වී වුවත්, කල්පය ගෙවී යතත් බුදුගුණ වැනුම ප්‍රකාශ කරලා අවසානයක් දකින්නට නො හැකි වේ යන්න බුද්ධ දේශනාව යි. එපමණට ම බුදුගුණ අනන්තයි. බුද්ධ ගුණය අසීමිත යි. අචින්ත්‍ය යි කියන කරුණ තමා එයින් අර්ථවත් වන්නේ. තිවිධො බුද්ධවණ්ණො නාම, චරියවණ්ණො, සරීරවණ්ණො, ගුණවණ්ණො ‘ති යනුවෙන් අටුවාචාරින් වහන්සේ විසින් මේ වර්ණනාව පිළිබඳ පැහැදිලි කර තිබෙනවා. මේ කියැවෙන වර්ණනා තුන තමා බුදුරජාණන් වහන්සේ නමකගේ චරිතය පිළිබඳ කියැවෙන වර්ණනාව, බුද්ධ ශරීරශෝභාව පිළිබඳ කෙරෙන වර්ණනාව හා බුද්ධ ගුණය පිළිබඳ කෙරෙන වර්ණනාව. බුද්ධ චරිතය පිළිබඳ සමස්ත ලෝකයේමත් පළ වී ඇති පොතපත පමණක් ගෙන බැලුවත් කොපමණ ග්‍රන්ථ සංඛ්‍යාවක් ලියැ වී තිබෙනවා ද කියන කරුණ හිතන කොටමත් මේ කරුණ පැහැදිලි වෙනවා. එපමණක් නොව මෙම ලියවීමේ අවසානයක් නැහැ. අදත්, මේ දැනුත් විවිධ පර්යේෂකයන්, විද්වතුන් සමස්ත ලෝකයේමත් මේ අසිරිමත් බුද්ධ චරිතයේ ස්වභාවය ගැන නොයෙක් පර්යෂේණ, වාද සංවාද කරනවා, ලියනවා...

ආනන්තර්‍ය පාපකර්ම විපාක දීමේ පිළිවෙල - See How Major Turbulant Actions Re Act on You

Image
  ආනන්තර්‍ය පාපකර්ම විපාක දීමේ පිළිවෙල  උතුම් ධර්ම දානමය කුසළය හේතුවෙන් ඔබ නොදන්නා දේ දැන දැක ගැනීම පිණිස හේතු වේවා   මව මැරීම, පියා මැරීම, රහතුන් මැරීම, බුදු සිරුරෙන් ලේ සෙලවීම, සංඝ භේදය යනුවෙන් ආනන්තර්‍ය පාපකර්ම පහක් තියෙන බව අපි දැනටමත් දන්නවා. මේවායින් ප්‍රභලම කර්මය වන්නේ සංඝභේද කර්මයයි. ඉන් පසු පිළිවෙලින් බුදු සිරුරෙන් ලේ සෙලවීමේ කර්මය, රහතුන් මැරීමේ කර්මය සහ අවසානයට මව්පියන් ඝාතන කර්ම වෙනවා.   යම් කෙනෙක් මෙම ආනන්තර්‍ය පාපකර්ම පහම කළොත් මීළඟ භවයේ ප්‍රතිසන්ධිය සඳහා පළමුවෙන්ම විපාක දෙන්නේ සංඝභේද කර්මයයි. සංඝභේද කර්මය කර නැත්නම් මීළඟට විපාක දෙන්නේ බුදු සිරුරෙන් ලේ සෙලවීමේ කර්මයයි. එයත් කර නැත්නම් මීළඟට විපාක දෙන්නේ රහතුන් මැරීමේ කර්මයයි. එයත් කර නැත්නම් මීළඟට මව්පියන්ගෙන් වඩාත් සිල්වත් මව නම් මව මැරීමේ කර්මයද, වඩාත් සිල්වත් පියා නම් පියා මැරීමේ කර්මයද වෙනවා. මව සහ පියා සිල්වත් බවින් හෝ දුසිල්වත් බවින් එක හා සමාන නම් පළමුවෙන් විපාක දෙන්නේ මව මැරීමේ කර්මයයි.  ආනන්තර්‍ය පාප කර්ම පහම හෝ කිහිපයක් කර ඇති කෙනාට මේ පිළිවෙලින්  එක් කර්මයකින් නිරයේ ප්‍රතිසන්ධි...