බුදුවරු පහළ වන කල්ප The eras in which Buddhas appear वे युग जिनमें बुद्ध प्रकट हुए
style="text-align: center;"> බුදුවරු පහළ වන කල්ප The Eras in which Buddhas Appear බුදුවරු පහළ වන කල්ප පහක් තියෙනවා . ඒවාට කියන්නේ , සාර කල්පය මණ්ඩ කල්පය වර කල්පය සාරමණ්ඩ කල්පය භද් ර කල්පය ... කියලයි . ️ එතකොට බුදුවරු පහළ වෙන අසංඛෙය් ය කල්ප පහක් තියෙනවා . ආන්න ඒකෙදී , යම් කල්පයක එක ම බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙනවා නම් ඒ කල්පය බුද්ධ ශූන් ය කල්පයන්ට වඩා සාරවත් නිසා එයට " සාර කල්පය " කියනවා . ඊළඟට යම් කල්පයක දෙනමක් බුදුවරයන් වහන්සේලා පහළ වෙනවා නම් ඒ කල්පයට කියන්නේ " මණ්ඩ කල්පය " කියලයි . මණ්ඩ කියන්නේ ඉතාමත් උත්තම කියන එකටයි . එතකොට මණ්ඩ කියන්නේ බුදුවරු දෙනමක් පහළවීමෙන් ඒ කල්පය උතුම් ගුණවත්කමින් යුක්තයි කියන එක . ඊට පස්සේ ඒ මණ්ඩ කල්පයේ දෙවනුව පහළ වූ බුදුරජාණෝ තුන්වැනිව අනාගතයේ බුදුවරු පහළ වෙන බවට අනාවැකි වදාරණවා . ඒ කල්පයේ තුන්නමක් බුදුවරයන් වහන්සේලා පහළ වෙනවා . එයින් ඒ කල්පය උත්තම භාවයට පත්වෙන නිසා එයට වර කල්පය කියනවා . වර කියන්නේ උතු...