Posts

YASHODARA - LORD BUDDHA'S LAY LIFE CONSORT WHO IS AN EXAMPLE TO ALL WOMEN IN MANKIND ( යශෝධරා නම් බොසත් පතිනිය...)

Image
යශෝධරා නම් බොසත් පතිනිය... YASHODARA - LORD BUDDHA'S LAY LIFE CONSORT WHO IS AN EXAMPLE TO ALL WOMEN IN MANKIND  මෙසේ ඒ ය‍ශොධරා සථවිරින් වහන්සේ අනේකප්‍රකාර කථාවෙන් සසර තමන් වහන්සේ ගේ පෑ විශ්වාසය මතු කරවා බුදුන් අතින් අවසර ඉල්වු වේලෙහි, බුදුරජාණන්වහන්සේ  උන්වහන්සේ තමන් වහන්සේ ට සංසාරයෙහි කළාවු බොහෝ උපකාර හා අපරිමිතවු ගුණ දැක     “මේ යශෝදරාව වැනි පින්වත් ස්ත්‍රියක් මාගේ බුද්ධෝත්පාදයෙහි නැත. දැන් මැය අසංඛ්‍යය ගණන් කල්ප වල  ජාති දක්නා නුවණ ඇත්තීය. අන්‍යන්ට අසමාන වු දිවස් ඇත්තිය. විශෙෂ වු දිවකන් ඇත්ති ය.නසන ලද ආශ්‍රවයන් ඇත්ති ය. ත්‍රිවිදයාවෙහි මුදුන් පැමිණියා ය. බුදුන්ට අනු වු ඍද්ධිප්‍රාතිහාර්ය  ඇත්තී ය. තමා රහත් වු දවස් පටන් බුදුන් කෙරෙහි කළ මහත් වු ආදර හා බහු මානයෙන් පෘථග්ජන මෙහෙණින්නක් සේ නිහතමාන ගුණයෙන් තමන්ගේ සෘඩ් බලයක් නො දක්වා විසුවාය.එසේ හෙයින් මැගේ පෙළහර බල දුටුවෝ නැත. අනාගතයේ ලෝකවාසීහු රාහුල ම‍ාතාවෝ නම් කෙසේ වු කෙනෙක්ද? රහත් වූ කෙනෙක්ද? රහත්නොවූ කෙනෙක්ද? යි සැක උපද වන්නාය.අනාගත සත්ත්වයන්ට උපදනා ඒ සැක දුරු කරවා මැගේ ඍද්ධිබල වික්‍රම හා පූර්ව චරිතය ම...

සසර ගමන යහපත් කරගන්නේ කෙසේද ? How to be sucessful in your Life Journey ---- Await

Image
  සසර ගමන යහපත් කරගන්නේ කෙසේද ? HOW TO BE SUCESSFUL IN YOUR LIFE'S JOURNEY සසර ජීවිත ගෙවන අප විවිධ සම්පත් එකතු කරමින්  ,විවිධ තනතුරු වලට  ගිජුව,ඒවා ලබා ගැනීමට තරංග කරමින් සිත ඇතැම්විට ක්ෂණික මරණයකට හෝ අකල් මරණයකට හෝ වයගත්ව සිදුවන මරණයකට හෝ ගොදුරුව මෙම වටිනා මිනිස් දිවිය හැරදා යයි . ඔබ මෝහතකට හෝ  හිතුවද ,ඔබ මරණින් මතු මොන වගේ ජීවිතයකට පත් වේවිද කියා ? ඔබ නිවන අවබෝධ කර ගෙන නොමැති නම් ඔබ කිසිවිටෙකත් නොසීතු  පරිදි තිරිසන් ,ප්‍රේත , ඇසුර වැනි දුක් සහිත ජීවිතයකට ඔබව ඇද  දමනු ඇත  . ඔබ මෙම ගත කරන ජීවිත තුල දී බුදු වදන  අනුව  ඔබගගේ  ජීවිතය පවත්වා ගනිමින් අකුසල් නොකර කුසලයේම  සිත පිහිටවා ,අවසන මොහොත දක්වා ජීවිතය ගතකරයි නම් ඔබට මතු ජීවිතය ද , එම දුක් සහිත  උපතකින් තොරව සැප සහිත  දිව්‍ය ,බ්‍රහ්ම හෝ මනුෂ්‍ය ජීවිතයක් උරුම කරදෙනු ඇත . සෑම විට සියලු බුදු වරුන්ගේ අවවාදය පිළිපදින්න .   සබ්බ පාපස්ස අකරනං  කුසලස්ස උප සම්පදා  සච්ත්ත පරියෝ දපනං  එතං  බුධ්හනු සාසනං  තේරුම - සෑම විට සියලු පාපයන් දුරු කරන්න,   ...

සෑම පෝය දවසකටම සියළු සදෙව් ලොව දෙවිවිවරු රැස්වෙන සුධර්මා දිව්‍ය සභාව - The Divine Assembly Hall in the Heavens

Image
  සෑම   පෝය දවසකටම  සියළු  සදෙව් ලොව දෙවිවිවරු රැස්වෙන  සුධර්මා දිව්‍ය සභාව " අනේ මිනිස් ලොව තව පිරිහී යනවා” යයි කියමන් දෙවිවරු දුක්වන බව ඔබ දන්නවද ? “ සෑම පෝයක ම දේවසභාව රැස්වෙනවා.”   තව්තිසාවේ තියෙනවා ‘සුධර්මා’ කියලා විශාල ශාලාවක්. ඒ ශාලාවට ‘සුධර්මා’ යන නම ලැබුණේ අපේ සක්දෙවිඳු මිනිස් ලෝකේ ඉන්නැද්දි වෙච්චි දෙයක් නිසා. ‘මඝ’ තරුණයාගේ එක බිරිඳක් සිටියා. ඇගේ නම ‘සුධර්මා’. ඉතින් ඈ මඝ තරුණයා සාලාව හදද්දී කැණිමඬල පූජා කොරලා කියා සිටියා එයැයිගේ නම දාන්ට කියලා. ඒ පින නිසා ඈත් දෙව්ලොව උපන්නා. දෙව්ලොවෙත් පහළ වූ සාලාවට ඒ නම වැටුනා. හප්පා… ඒක හරි පුදුම ශාලාවක්. ඒ කියන්නේ බිම පළිඟු ගල් අතුරලා, මැණික් වැට, රන් කණු, කණු පාමුල රිදී කැටයම්, පළිඟු රූප, සත්රුවන් පරාල, රුවන් දොරටු, ඉන්ද්‍රනීල මාණික්‍ය උළු, රන් කොත්, දිග පළල යොදුන් තුන්සියයක්. වටේ යොදුන් නවසියයක වේදිකාව. උස යොදුන් පන්සීයක්. ඒ ශාලාවේ සතර දිසාවේ තියෙන්නේ සතර වරම් දෙව්රජුන්ගේ ආසන. කෝටි ලක්ෂයක් ගාන්ධර්ව දිව්‍ය සේනාව පිරිවරාගෙන ධතරාෂ්ට්‍ර දෙව්රජු ඇවිත් නැගෙනහිර පැත්තේ තියෙන ආසනේ වාඩිවෙන්නේ බටහිර බලාගෙන. කෝටි ලක්ෂයක්...

සසර ගමන සහ අපගේ අනාගතය - Our Life Journey and Future Life

Image
සසර ගමන  සහ අපගේ අනාගතය  Our Life Journey and Future Life සසර බියකරු නොවේද ? අප සියලු දෙනම සසර දුක ගැනත් ,සසර දුක කෙලවර  කර නිවනින් සැනසිය යුතු බවත් අපේක්ෂා  කරති .  අප භාග්‍යවත් බුදුරජාණන් වහන්සේද නිරතුරුවම සසරේ බියකරු බව ගැනත් ,සසර දුක මතම පහිටි බවත් , මඳක් හෝ සැපතක් සසර ජීවිත තුල ඇත්නම් ,තමන් වහන්සේ සසර දුක යයි නොපවසන බවත් ,දේශනා කල සේක .  සසර යනු කවරේද ? සසර යනු අප සියලු දෙනාම මෙය කල්ප ගනනක පෙර සිට මැරෙමින් ඉපදෙමින් විවිධ භවයන්හි ගත කල සහ ගතකරමින්  යන ජීවිතයි . මෙම ජීවිත අවුරුදු කල්ප කෝටි  ගණනක සිට කාම ලෝක ,රුප ලෝක සහ අරුප ලෝක වල පැවත  ආ ජීවිතය . මෙම සසර ජීවිත අසුරු කරගත් අප සිත කර්මානු රූපව ප්‍රතිසන්ධි ගතවෙමින් පැවතීම සසර දිගටම පැවතීම ලෙස සැලකිය හැක . සසර දුක විඳීමට හේතුව නම් පෙර සසරේ රැස්  කරගත් අකුසල් සහ  කුසල් කර්ම ශක්තිය හා අප සිත තුල ඇතිවෙමින් නිතර පවතින රාග ,ද්වේශ සහ මෝහ සිතිවිලි සංස්කාර රැස්  කරමින් උපාධන ශක්තිය මගින්  නැවත නැවත භාවයන්  දිගි දිගටම ඇති කිරීමයි.  ඔබ නිතරම සිතන්න ඔබගේම සිත ඔබව මුලාවට පත්...

කතෘ වෙතින් ....කර්මය සහ සිත අනුව කර්මය ක්‍රියාත්මක වන අයුරු - How all your actions associated with Mind Unleash Happines and Suffering to you

Image
කතෘ වෙතින් .... කර්මය -  සිත අනුව කර්මය ක්‍රියාත්මක වන අයුරු     How all your actions associated wuth Mind Unleash Happines and Suffering to you  සිත ,කය සහ වචනය යන ද්වාර තුලින් ඔබ විසින් නිරතරයෙන් යහපත් (කුසල්) සහ අයහපත්  ( අකුසල්)  තම ජීවිත කාලය තුල නිරන්තරයෙන් සිදු කරයි  . එම යහපත් සහ අයපත් ක්‍රියා සිත මගින් සිත මුල්කරගෙනම ක්‍රියාත්මක වේ .එම නිසා සිත ඊට අදාලව යහපත් සහ අයහපත් ශක්තීන් සිත තුල තැම්පත් කරගනී . එම යහපත් සහ අයහපත් ශක්තීන් ආත්මයෙන් ආත්මයට සිත රැගෙන යන අතර ,නිසි කාලය පැමිණිවිට ඔබ සිටින භාවය හෙවත් ආත්මය අනුව එම ශක්තීන් ඔබට යහපත මෙන්ම අයහපත උදාකරයි . එබැවින් සිත නිතර පරිසම් කරගන්න . සිතින් කිසිවිට අයහපත් දෙය නොකරන්න ,නොසිතන්න  ඒ  මන්ද යත් සිත සියල්ලට ප්‍රධාන වන බැවිනි . සිත තනිව සිතට වුවමන පරිදි ක්‍රියාකර ඔබව  මෙහෙයවයි . සිත ධර්මයට අනුව එකඟ කරගන්න  නැතහොත් සිත තනිව ක්‍රියා කර ඔබ්ව දුකට සහ විපතට පත් කරයි . සිත යනු ඔබ - අප මෙහෙයවන ශරීරයක් නැති , අපව ජීවත් කරවන භාවයෙන් භාවයට අපව රැගෙන යන මහ ශක්තියකි . සිත සුලඟ වැනි වායුම...

සාංඝික දානයක් පිරිනමන්නේ කෙසේද ? යයි විමසා බලමු - How to offer Alams to Buddhist Monka - The Correct Way

Image
  සාංඝික දානයක්  පිරිනමන්නේ කෙසේද ? යයි විමසා බලමු  එක් පසෙකින් භික්ෂු සංඝයා ද එක් පසෙකින් භික්ෂුණී සංඝයා ද මධ්‍යයේ තථාගතයන් වහන්සේ ද වඩා හිඳුවා දෙන බුද්ධ ප්‍ර‍මුඛ මහා දානය පළමුවන සාංඝික දානය ය. මේ දානය තථාගතයන් වහන්සේගේ පිරිනිවීමෙන් පසු ද සංඝයා මැද සධාතුක බුද්ධ ප්‍ර‍තිමාවක් තබා දිය හැකි බව අටුවාවෙහි දක්වා තිබේ. සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසු උභය සඞ්ඝයා හට දෙන දානය දෙවන සාංඝික දානය ය. භික්ෂු සංඝයාට පමණක් දෙන දානය තෙවන සාංඝික දානය ය. භික්ෂුණී සංඝයාට පමණක් දෙන දානය සිවු වැනි සාංඝික දානය ය. මාගේ දානයට භික්ෂු සංඝයාගෙන් මෙ පමණ භික්ෂූන් වහන්සේලා ද භික්ෂුණී සංඝයාගෙන් මෙ පමණ භික්ෂුණීහු ද පැමිණෙන සේක්වායි පුද්ගල නියමයක් නැති ව නිමන්ත්‍ර‍ණය කොට පැමිණියා වූ භික්ෂු භික්ෂුණීන්ට දෙන දානය පස්වන සාංඝික දානය ය එසේ නිමන්ත්‍ර‍ණය කොට භික්ෂූන් වහන්සේලාට පමණක් දෙන දානය සවන සාංඝික දානය ය. එසේ නිමන්ත්‍ර‍ණය කොට භික්ෂුණීන්ට පමණක් දෙන දානය සත්වන සාංඝික දානය ය. මේ දාන සත අතුරෙන් මෙ කල දිය හැක්කේ තුන්වන, සවන දාන දෙක පමණයි. එක භික්ෂුවකට වුවද සවන සාංඝික දානය දිය හැකි ය. සවන සාංඝික දානය දිය යුතු සැටි මෙසේ ...
Image
මහා ප්‍රජාපතී ගෝතමීන් වහන්සේ  සම්බුදු උපතින් සත් දිනක් ඇවෑමෙන් මහාමායා බිසව කලුරිය කිරීමෙන් පසු බෝසත් කුමරාගේ සියලු කටයුතුවල වගකීම පැවරුණේ මහා ප්‍රජාපතී ගෝතමි දේවියටයි. ‘බුද්ධ මාතාව‘ වීමට පෙරුම් පුරා සපැමිණි ඇය සිඟිති බෝසත් පුතුට කෙතරම් නම් සෙනෙහසක් දැක්වූයේ ද යත් ඇය තම කුසින් වැදූ නන්ද කුමරුන් කිරි මව්වරුන්ගේ භාරයට පත්කළ බෝසත් කුමරාගේ කටයුතු වෙනුවෙන් ජීවිතය කැප කළා… රාජ මාතාව, රාජ මෙහෙසිය, රාජ කුමරිය යන නාමයන් ස්ත්‍රීන් හට දුලභ නොවෙයි. නමුත් යම් ස්ත්‍රියක් හට ‘බුද්ධ මාතා’ වන නමක් වේ නම් එය ලෝකයේ පරම දුර්ලභයි. එම දුර්ලභ වාසනාව හිමිවන්නේ කල්ප ගණනකින් උපදින වාසනාවන්ත ස්ත්‍රී රත්නයකට ය. ගෞතම බුදුරදුන් නිසාම ඒ මහා වාසනාව ලද්දී මහා ප්‍රජාපතී ගෝතමී දේවිය යි. සිදුහත් කුමරා තම කුසින් නොවැදුවද ඇය එදා මෙදා තුර අප ගෞරවයෙන් වන්දනා කරන ගෞතම බුදු සසුනේ බුද්ධ මාතාවයි. බුද්ධ මාතාවක් වීමේ වාසනාව ලද ඇයම බුදුරදුන්ගේ ළවෙහි උපන් උතුම් ශ්‍රාවක දියණියක් වීම කෙතරම් නම් ආශ්චර්යයක් ද? දඹදිව දෙව්දහ නුවර ‘අඤ්ජන’ මහරජුට දාව ‘සුළක්ඛණා’ රජබිසව කුසින් උපත ලද මහා ප්‍රජාපතී ගෞතමිය රූප සම්පත්තියෙන් මෙන්ම ගුණ නැණ බලය...