Posts

දුෂ්කර ක්‍රියා කළ මහා බෝසතුන් -How Buddha as an Aspirant tried to achieve succcess for 7 Years

Image
  දුෂ්කර ක්‍රියා කළ මහා බෝසතුන් ආලාරකාලාම, උද්දකරාමපුත්ත ආදී තවුස් ආචාර්‍යවරුන් වෙතින් සමුගෙන "කිංකුසල ගවේෂීව" හුදකලාව නිවන් සොයමින් පැමිණි බෝසතුන් උරුවෙළ දනව්වට පැමිණ "සේනානි" නියංගම් ඇසුරු කොට නේරංජනා නදී තීරයේ වන ලැහැබෙක්හි අනුක්‍රමයෙන් උග්‍ර තපස් දම් පිරීම ආරම්භ කළහ. එහිදී එතුමාට ඒ වන විට තවුස් පැවිද්දෙන් පැවිදිව සිටි කොණ්ඩඤ්ඤ ,වප්ප, භද්දිය, මහානාම, අස්සජි යන පස්වග තවුසන් මුණ ගැසුණු අතර ඔවුහු බෝසතුණට උපස්ථාන කරන්නට සතුටින් ඉදිරිපත් වූහ. මේ මහා වීරකථාවේ සය අවුරුද්දක් පුරා එම මහා වීරයාණන් අත්දුටු දුෂ්කර ක්‍රියා අප්‍රමාණයි.එයින් බිඳක්  පමණක් ගෙනහැර පෑම මේ ලිපියේ අරමුණයි. එය බුදුමුවින්ම පැහැදිලි කළ අයුරින් මෙහිලා සඳහන් කරන්නෙමු. දිනක් බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයේ වැඩ වාසය කරන කල්හි ජානුස්සෝනි බ්‍රාහ්මණයාට මෙසේ වදාළහ. ජානුස්සෝනි, මම පසළොස්වක තුදුස්වක අටවක, අමාවක වැනි දිනවල රාත්‍රිකාලවල ගෙයක් දොරක් නොමැති මහා රූස්ස ගස් ඇති අඳුරු තැන්වල තනිවම ඉදිද්දී ඇග කිලිපොළා යන දේවල් දකිනවා.ශබ්ද ඇහෙනවා.නමුත් මං ඒ තැන්වලින් සෙළවුණේවත් නැහැ. සමහර වෙලාවක මුවෙක් දුවනවා. ඒ ව

අපි අවබෝධයෙන් යුතුව තෙරුවන් නමදිමු - We shall worship Buddha ,Dhammaa and Sanga with the real undersatanding

Image
අපි  අවබෝධයෙන් යුතුව  තෙරුවන් නමදිමු  ඉතිපි සෝ භගවා  අරහං සම්මා සම්බුද්ධෝ විඡ්ඡාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදූ  අනුත්තරෝ , පුරිසදම්මසාරථී  සත්ථා දේවමනුස්සානං බුද්ධෝ භගවාතී සිංහල තේරුම වාසනා සහිත සකල ක්ලේෂයන් දුරු කළ හෙයින්ද, සියලු කෙලෙස් සතුරන් නැසූ හෙයින්ද, සංසාර චක්‍රයේ අරටු සිඳලූ හෙයින්ද, ලෝවැසියන්ගේ ආමිස පූජා, ප්‍රතිපත්ති පූජා පිළිගැනීමට සුදුසු වන හෙයින් ද, රහසින්වත් පව් නොකළ හෙයින් ද අරහත් නම් වන සේක. ඒ භාග්‍යවතුන් වහන්සේ චතුරාර්‍ය සත්‍ය ධර්මයන් තමන් වහන්සේ විසින්ම අවබෝධ කළ හෙයින් සම්මා සම්බුද්ධ නම් වන සේක. ඒ භාග්‍යවතුන් වහන්සේ අෂ්ඨ විද්‍යාවෙන් හා පසළොස්චරණ ධර්මයන්ගෙන් යුක්ත වූ හෙයින් විජ්ඡාචරණ සම්පන්න නම් වන සේක. ඒ භාග්‍යවතුන් වහන්සේ ශෝභන වූ ගමන් ඇති හෙයින් ද, සුන්දර වූ තැනට පැමිණි හෙයින් ද සුභාශිත වචන වදාළ හෙයින් සුගත නම් වන සේක. ඒ භාග්‍යවතුන් වහන්සේ සියලු ලෝකයන් තත්වූ පරිද්දෙන් දන්නා හෙයින් ලෝකවිදු නම් වන සේක. ඒ භාග්‍යවතුන්වහන්සේ සියල්ලන් දමනය කළ හෙයින් අනුත්තර පුරිස දම්ම සාරථී නම් වන සේක. දමනය කර නිවන කරා පමුණුවන හෙයින් ඒ භග්‍යවතුන් වහන්සේ දෙව් මිනිසුන් ප්‍රධාන සත්වයන්ට අනුශාසනා ක

සක් දෙවිඳුගේ කථා වස්තුව - The story of Lord Skra in the Divine World

Image
  සක් දෙවිඳුගේ කථා වස්තුව පින්වලට කවුරුත් කැමතියි. නමුත් පින් වලින් ලැබෙන සැප මොනවාද කියා බොහෝ දෙනෙක් දන්නෙ නැහැ. එ් නිසා පින් කරන්න කැමති වුණත්, පින්වලට උනන්දුවක් නැහැ. පින ගැන අවබෝධයක් තියෙනවා නම්, එ් කෙනා දක්ෂ මල් කාරයෙක් වගෙයි. මල් නෙලන්නට මල් තියෙන තැන් සොය සොයා යනවා වගේ පින් රැස්කරගන්නට පුළුවන් සෑම තැනකින්ම ප්‍රයෝජනය ගන්නවා. චාතුම්මහාරාජික, තාවතිංස නමින් දිව්‍ය ලෝක දෙකක් තියෙනවා. එම දිව්‍ය ලෝක දෙකේම අධිපති භාවය ලැබූ කෙනාට තමයි සක් දෙවිඳු කියන්නේ. ශක්‍ර දෙවියන් කලින් මිනිස් ලොව හිටිය කෙනෙක්. ඔහු ගොඩාක් පින් කළා. දවසක් ලිච්ඡවි කුමාවරුන් ශක්‍ර දෙවියන් ගැනත්, බුදුරජාණන් වහන්සේගෙන් ඇසුවා. එවේලෙහි බුදුරජාණන් වහන්සේ ශක්‍ර දෙවියන්ගේ අතීත ජීවිත කථාව පෙන්වා වදාළා. එකමත් එක කාලෙක මගධ දේශයෙහි ‘මචල’ කියල ගමක් තිබුණා. මේ ගමේ තරුණයෙක් හිටියා. ඔහුගෙ නම මඝ. මඝ මාණවකයා කියලයි ඔහු ප්‍රසිද්ධ වුණේ. ඔහු මිනිසුන්ට හරිම ආදරෙයි. හැමෝටම උදව් කරනවා. හැම දෙනාගෙම සැපදුක් බලනවා. එ් වගේම ඔහු සිල්වන්තයි. ඔහු ජීවිත කාලය පුරාම උතුම් ගුණ ධර්ම හතක් සමාදන් වෙලා හිටියා. එ් ගැන බුදුරජාණන් වහන්සේ මේ විදිහට පෙන්වා වදාළා

කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ - The First Desciple of Lord Buddha - Ven Kondanna

Image
කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ සැදැහැ ධනයෙන් යුතු සිත් ඇති පින්වතුන් හට සඟරුවන කෙරෙහි ප්‍රසාදය බලවත් වීම පිණිස ලියැවෙන මෙය ගොයුම් බුදුසසුන සෝභමාන කළ අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේට උපහාර පූජාවක් වේවා. මේ සේනිය බිම්බිසාර මහා නරේන්ද්‍රයන් විසින් ගෞතම බුදුසසුනට පූජා කළ සොඳුරු වේළුවනාරාම පින් බිමයි. රමණීය කඳු වළළු කිහිපයකින් වට වූ රජගහනුවර සුපිහිටි මේ ආරාමයෙහි තිලෝගුරු ගෞතම බුදුරජාණෝ වැඩ සිටිනා සේක. එදින භික්ෂු පිරිස පිරිවරාගත් අප සම්මා සම්බුදු රජාණෝ එළිමහනේ වැඩහුන් මොහොතේ, වයෝවෘද්ධ වූ, වැවී ගිය කෙස් රැවුල් ඇති, වැහැරී ගිය සිවුරක් ගත දරා ගත්, ශාන්ත සංසුන් ඉරියව් ඇති භික්ෂුවක් වේළුවනාරාමය වෙත වැඩම කළේය. දුර සිටම සම්බුදු රජාණන් වහන්සේ දෙසට ම යොමු කරගත් නෙතින් යුතුව ගෞරවාන්විත ගමනින් පැමිණි මේ භික්ෂුව රැස්ව සිටි භික්ෂු පිරිස මධ්‍යයේ ම බුදුරජුන්ගේ සිරිපතුල් යුග අභියස සිරසින් වැඳ වැටිණි. ඒ ස්වර්ණ වර්ණ සිරිපා යුග්මය තම මුවින් සිඹින්නට පටන් ගති. නහර වැල් ඉල්පුණු තම දෙඅතින් ඒ සිරිපා යුග පිරිමදින්නට විණි. එහි සිටි නවක භික්ෂූන් මුහුණට මුහුණ බලා ගත්තා විණා, කිසිවෙකුත් මේ උතුම් භික්ෂුව හඳුනා නොගත්තේය. මේ මහා

තමාට පිහිට තමාමය - You yourself is the only Help for you in this world

Image
                                අත්තාහි අත්තනෝ නාථෝ                 කෝහි  නාථෝ පරෝසියා                 අත්තාහි සුදන්තෙන                නාථාන් ලබති දුල්ලභං  අර්ථය - තමාට පිහිට තමාමය - අන් කවරෙකු හට හෝ ඔබට පිහිට වන්නේ කෙසේද ? එහෙත් ඔබ මනාව බුදු වදන අනුව ,ඔබගේ ම සිත දමනය කරගනියි නම් . එම මනාව දමනය කරගත් සිත ඔබට නිවන                        නමැති උතුම්වූ සදාතනික පිහිට ලබා දෙයි . සියලු දෙය ඇතිවෙයි - පවතයි- නැතිවෙයි ( - උත්පාද - තිථි - භංග ) , බුදු වදන මෙයයි . එසේ නම් සියලු දෙන සහ සියලු දෙය සදාකාලික නැත . එබැවින් කිසිවෙකුට ඔබගේ පිහිටට පැමිණිය නොහැක . මදක් සිතන්න කවුරු හිටයත් ඔබ ගේ වයසට යාම ,ඒ අයට නැවතිය හැකිද ? ඔබගේ ශරීරය දිරාපත් වීම නැවතිය හැකිද ? ඔබව මරණයෙන් ගලවා ගත හැකිද ? ඒ කිසිවක් කිරීමට ඔබට කිසිවෙකුට උපකාර කල නොහැක . එසේ නම් බුද්ධ දේශනය අනුව සියලු අකුසල් දුරු කරමින් කුසල් වඩමින් ඔබගේ සිත භාවනාව තුලින් දමනය කර ගනිමින් නිවන නමැති ජාති - ජරා - මරණ වලින් තොරවූ අජරාමර සංඛයාත නිවන නමැති පිහිට උදාකරගෙන සදා සැනසෙන්න . All things arise

බෝ මළුවක බෝපත් (දැක) එය ගෙන බැහැර කිරීමෙන් ලබන්නාවූ ආනිසංස - Results of Clearing a Bo- tree Compound of a Temple

Image
  බෝ මළුවක බෝපත්  ( දැක )  එය   ගෙන   බැහැර කිරීමෙන්  ලබන්නාවූ ආනිසංස   මම පෙර සෑ මළුවෙහි හැරදැමූ බෝපත් ( දැක ) එය ගෙන බැහැර ලීමි . ( එහි ) විසි ගුණයක් අනුසස් ලැබීමි . ’’ එම කම් බෙලෙන් කුදුමහත් භවයෙහි සැරිසරන්නේ දිව් ‍ යවූද , මනුෂ් ‍ යවූද දෙඅත්බැව්හි සැරිසරමි . ’’ දෙව්ලොවින් ච් ‍ යුතව මනුෂ් ‍ ය භවයට පැමිණ ක් ‍ ෂත් ‍ රිය බ් ‍ රාහ්මණ දෙකුලෙහි ( පමණක් ) උපදිමි . ’’ සුපුන් අඟපසඟ ඇත්තේ , ආරෝහ පරිණාහයෙන් යුතුවූයේ , නොඅඩුව සම්පූර් ‍ ණ අඞ්ග ඇත්තේ , පිරිසිදුවූයේ , මනා රූ ඇත්තේ වෙමි . ’’ දෙව් ලොවෙහි හෝ , මිනිස් ලොවෙහි හෝ යම් කිසි තැනක උපන්නේ නම් , නිවනලද ස්වර් ‍ ණයක් මෙන් රන්වන් වන්නේය . ’’ බෝපත් බැහැරකළ කල්හි ( ඒ හේතුවෙන් ) මාගේ සිවිය හැමකල්හි මෘදුද , මෙලෙක්ද , සිනිඳුද , සියුම්ද , සියුමැලිද වේ . ’’ යම්කිසි ගතියක සිරුර පහළවූ කල්හි ( එහි ) දැලි , කුණු නොතැවරේ . බෝපත් බැහැරලීමෙහි මේ විපාකයයි . ’’ උෂ්ණවූ අවු සුලං ඇති කල්හිද , යලි ගිණි රශ්මිය කරණකොටගෙනද ඒ මාගේ සිරුරෙහි ඩහ නොවැගිරේ . ( මෙය ) සෑ මළුවෙහි බෝප

සාධුකාර දීමේ අනුසස් - Buddha's Vision Excells all Others

Image
  සාධුකාර දීමේ අනුසස් සැවැත් නුවර විසූ එක් රූමත් කාන්තාවකගේ සැමියා තථාගතයන් වහන්සේගෙන් බණ අසා ගිහිව සිට මේ ධර් ‍ මය අනුව නො පිළිපැදිය හැකිය යි සිතා විහාරයට ගොස් එක්තරා පිණ්ඩපාතික තෙරනමක් සමීපයෙහි පැවිදි විය . පසේනදී කොසොල් රජතුමා අස්වාමික වු ඒ කාන්තාව ස්වකීය අන්තඃපුරයටගෙන්වා ගත්තේ ය . දිනක් රජතුමා නිලුපුල් මල් මිටියක් ගෙන අන්තඃපුරයට පිවිස එක් ස්ත් ‍ රියකට එක මල බැගින් දුන්නේ ය . ඒ කාන්තාවට මල් දෙකක්ම ලැබුණේය . ඕ ඉමහත් ප් ‍ රීතියකින් එ මල් ගෙන සිප මුවින් මානෙල් මල් සුවඳ විහිදෙන ඇගේ සැමියා සිහි වී හැඬුවා ය . රජතුමා ඇගේ ක් ‍ රියාව දැක ඇය ගෙන්වා කරුණු විචාළේය . මේ තොමෝ මුවින් මානෙල් මල් සුවඳ විහිදෙන ඇගේ පුරාණ සැමියා සිහි වී හැඬු බව රජුට දැන්වූවා ය . රජුට එය නොපිළිගත හැකි විය . දෙතුන් වරක් ඇසූ කී නමුත් රජු එය විශ්වාස නොකළේ ය . රජතුමා ඇගේ කීම විමසනු පිණිස පසු දින සියලූ ම සුවඳ වර්ග රජගෙයින් ඉවත් කරවා අසුන් පනවා බුදුපාමොක් මහසඟන වැඩම කරවා දන් දී ස්ත් ‍ රීයගෙන්